SKIP TO MAIN CONTENT

ගාලු ක්‍රිකට් පිටිය ඉවත් කිරීමේ සුදානමක්

Galle cricket Stadium
Source: Galle cricket Stadium FB

1 min read

Published

By Sanjaya Dissanayake


Skip to article content

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලු කොටු පවුර තුල පිහිටි , ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එම ස්ථානයේ අනවසරයෙන් ඉදි කර ඇති එය ඉවත් කිරීමට සිදු වන බව දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.

තවද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම්  කඩා ඉවත්කොට එම භූමිය අනිවාර්යයෙන්ම යළි ජනතා අයිතියට පත්කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

1927 වසරේදී ගාල්ල ක්‍රීඩාංගනය  ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මෙහි මංගල අන්තර් ජාතික ක්‍රිකට් තරඟය පවත්වා තිබෙන්නේ  1998 වසරේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතරයි.  ඒ අනුව මේ දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරග 31ක් සහ එක් දින ජාත්‍යන්තර තරග 6ක් පවත්වා ඇති අතර ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් තරගය පවත්වා වසර 20කට පසුව මෙම කාරණය මතුවීම පිලිබදව ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තම විමතිය පළකර තිබේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාල්ල කොටුව තුල ඉදි කර ඇති මෙම ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් නිසි බලයලත් ආයතන වල අනුමැතියකින් තොරව සිදු කර ඇති බව දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා සදහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now