SKIP TO MAIN CONTENT

ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත්ව පත් වෙයි : මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සැරසෙයි.

Dimuth Karunratne to lead Sri Lanka during ICC Cricket World Cup 2019
Source: Facebook

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් පිලේ නායක සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (17/04) පස්වරුවේ නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තීරණය දැනටමත් ක්‍රිකට් විධායක කමිටුවට දැනුම් දී තිබේ.

තත්වය මෙසේ තිබියදී  ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සහ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කිරීම මෙම සමුගැනීමට ආසන්නතම හේතුව බව ද වාර්තා වේ

ලසිත් මාලිංග මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී  සිටි.

එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ලිපිය බොහෝ දුරට අද (18/04) දිනයේදී  ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now