SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: බංග්ලාදේශය පැරදවූ නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තවමත් පෙරමුණේ.

ICC Cricket World Cup 2019
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය යටතේ ඊයේ (05/06) පැවති 9 වන තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 2 ක ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශය ට ආරාධනා කළ අතර එහිදී ඔවුන් පන්දුවාර 49 යි පන්දු 2 කදී සියලු දෙනා දැවී ලකණු 244 ක් රැස් කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් Shakib Al Hasan ලකුණු 64 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 245 ක ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනිම ඇරැඹු නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවකදී කඩුලු 8 ක් දැවී ලකුණු 248 ක් ලබාගනිමින් තරගයේ ජය සනිටුහන් කළේය.

එහිදී නොදැවී නවසීලන්තය වෙනුවෙන් Ross Taylor ලකුණු 82 ක් ද නායක Kane Williamson ලකුණු 40 ක්ද ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානය නවසීලන්තයේ  Ross Taylor හට හිමි විය.

මේ තරගයෙන් අනතුරුව නවසීලන්තය සහභාගී වූ තරග දෙකම ජයගෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර බංග්ලාදේශය සහභාගී වූ තරග 2 න් එකක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ පසුවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now