2016 ඇමෙරිකානු ජනාධිපතිවරනයට රුසියාවෙන් කිසිදු බලපෑමක් සිදු නොවුණු බව හෙළිවෙයි.

Mueller report finds Trump campaign 'didn't collude with Russians'

Source: Getty Images

2016 ඇමෙරිකානු ජනාධිපතිවරනයේදී වත්මන් ඇමෙරිකානු ජනාධිපති Donald Trump තම මැතිවරණ ව්‍යාපාරයට රුසියානු සහය ලබා නොගත් බවට ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව අනාවරණය කරයි.

2016 ඇමෙරිකානු ජනාධිපතිවරනයේදී Donald Trump ගේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාවේ සහය ලබාගත් බවට දිගින් දිගටම චෝදනා එල්ල වන්නට වූ අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ අධිනීතිඥ Robert Mueller ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.

ඒ අනුව අවසන් වාර්තාවේ සඳහන් වන පරිදි 2016 ඇමෙරිකානු ජනාධිපතිවරනයට රුසියාවෙන් කිසිදු බලපෑමක් සිදු නොවුණු බව Robert Mueller අනාවරණය කර ඇති බව ඇමෙරිකාවේ නීතිපති William Barr පවසයි.

මෙම පරීක්ෂණය වසර 2ක් පුරාවට පැවැත්විණි.

තමන්ට එල්ලවූ මෙම චෝදනාව සම්බන්ධයෙන් තමන් කලකිරුණු බවත් මේ වන විට සත්‍ය හෙළිවී ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now