පළාත් සභා තුනක ඡන්දයකට මේ වසරේදී සූදානම් වන ලෙස ජනපති මෛත්‍රී මහ ඇමතිවරුන්ට දන්වයි.

Be prepared for 3 Provincial Councils and Local Government Institutions in this year : President Maithree.

Source: President Media

ශ්‍රී ලංකාවේ පළාත් සභා තුනක මැතිවරණය සහ පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් මහ ඇමතිවරුන්ට පෙරේදා (27/03) දැනුම් දී තිබේ.

2012 වසරේ ඡන්දය පැවති නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල නිල කාලය මේ වසරේදී අවසන් වන බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මෙම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මුහුණදිය යුතු බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඔහු පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් අමාත්‍යවරුන්ට පෙරේදා  ජනාධිපතිවරයා විශේෂ කැදවීමක් කර තිබුණි.

එළඹෙන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත තරුණ සමුළුව සහ මැයි රැළිය සාර්ථක කර ගැනීම සඳහා ද සහාය ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now