එංගලන්ත - ශ්‍රී ලංකා එක් දින තරගාවලිය : පළමු තරඟය වැස්සට සේදෙයි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (10/10) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් නතර කිරීමට තීරණය විය.  වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 කදී කඩුලු 2 කට ලකුණු

Source: Getty Images

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (10/10) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් නතර කිරීමට තීරණය විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 කදී කඩුලු 2 කට ලකුණු 92ක් ලබා සිටියේය.

ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔයින් මෝගන් ලකුණු 14 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් ලබා ගත්තෝය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක් දින තරගය එළඹෙන ඔක්තෝබර් 13 වන දින රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now