Card Payments වලදී ඔබෙන් අමතර ගාස්තුවක් අයකරන්න businesses වලට පුලුවන්ද? ඒ සම්බන්ද පවතින නීති ගැන දැනගන්න

ඔස්ට්‍රේලියාව මුදල් විරහිත සමාජයක් බවට පත්වෙමින් සිටින බව පෙනෙන අතර, වෙන කවරදාටත් වඩා ව්‍යාපාර ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතකින් සිදුකරන ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තුවක් අය කරයි.

A person pays for their meal at a restaurant with a card

Increasing numbers of hospitality venues, in particular, are charging customers an additional fee when they pay by card. Source: Getty / Olga Rolenko

ඔබ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් මිලදී ගැනීම් සිදු කරන විට ඔබෙන් වැඩි වැඩියෙන් අයවීම් සිදුවී ඇති බව ඔබට හැඟේ නම්, එය හිතලුවක්ම පමණක් නොවේ.

මෑතකාලීන දත්ත පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියාව පුරා ව්‍යාපාර ඉහළ යන පිරිවැයට මුහුණදෙන අතර,කාඩ්පතෙන් ගෙවන විට පාරිභෝගිකයින්ගෙන් අමතර ගාස්තුවක් අය කරන බවයි.

නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව (RBA) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2019 සහ 2022 අතර අමතර ගාස්තුවක් එකතු වූ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ගෙවීම් සංඛ්‍යාවෙහි සියයට 77.5 ක වැඩිවීමක් සිදු වී ඇත.

Tyro සමාගම විසින් කරන ලද වාර්තාවකට අනුව, හෝටල් ක්ෂේස්ත්‍රය ට සම්බන්ද ස්ථාන වැඩිපුරම අමතර ගාස්තු අය කරන්නන් වන අතර, පබ් සහ බාර්වලින් සියයට 43 ක් සහ කැෆේ සහ ආපනශාලාවලින් සියයට 42 ක් පසුගිය වසරේ මැයි මාසයේදී කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තුවක් එකතු කර තිබේ.

මුදල් භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව අඩු වෙමින් පවතී

ව්‍යාපාරවලට කොපමණ මුදලක් අය කිරීමට අවසර තිබේද?

ඔබ ඔබේ කාඩ්පත භාවිතයෙන් මිලදී ගැනීමක් සිදු කරන විට, අදාල ව්‍යාපාරයට එම ගනුදෙනුව සඳහා වියදම් දැරීමට සිදුවේ.

RBA විසින් සකසා ඇති සහ ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිෂන් සභාව (ACCC) විසින් බලාත්මක කරන ලද නීති යටතේ, නිශ්චිත ආකාරයේ ගෙවීමක් සඳහා වැය වන මුදලට වඩා වැඩි අගයක් එකතු කිරීමට ව්‍යාපාරවලට අවසර නැත.

මෙම තහනම පහත ක්‍රම හරහා සිදුකරන ගෙවීම් සඳහා අදාළ වේ
  • EFTPOS - debit and prepaid
  • MasterCard - credit, debit, and prepaid
  • Visa - credit, debit, and prepaid

විවිධ ගෙවීම් ක්‍රම සඳහා අයකල හැකි සාමාන්‍ය පිරිවැය RBA ඇස්තමේන්තු කර ඇති අතර ඒවා පහත පරිදි වේ.
  • EFTPOS - 0.5% ට වඩා අඩුය
  • Visa and Mastercard debit cards - 0.5% සහ 1% අතර
  • Visa and Mastercard credit cards - 1% සහ 1.5% අතර
මේ පිලිබඳ අදහසක් පහත ග්‍රැෆික් රූපයෙන් ඔබට දැකගත හැක.
A graphic showing two takeaway coffees, two pints of beer, and two steak dinners with different prices next to them.
While a 1.5 per cent surcharge may not seem like much when you're buying a coffee, it can soon add up. Source: SBS
කාඩ්පතෙන් පමණක් ගෙවීම් කළහැකි ව්‍යාපාරවලට පවා තම පාරිභෝගිකයන් මත අමතර ගාස්තුවක් පැනවීමට අවසර ඇත. ගාස්තුව පැහැදිලිව ප්‍රදර්ශනය කර තිබීම සහ සහ එය අනවශ්‍ය ලෙස ඉහල ගාස්තුවක් නොවීම මෙහිදී වැදගත් වනවා.

ප්‍රතිශත නොව එක් නියමිත ගාස්තුවක් නියම කිරීමට තෝරා ගන්නා ව්‍යාපාර එම අගය, එම ගෙවීම් ක්‍රමය භාවිතා කිරීමට වැය වන මුදලට වඩා වැඩි නොවන බවට සහතික කර ගත යුතුය.

කාඩ්පතෙන් ගෙවීම සඳහා අවම වියදමක් පැනවීමට ද ඔවුන්ට අවසර ඇත.

මෙම නීති අදාළ නොවන්නේ කුමන ආකාරයේ ගෙවීම් සඳහාද?

පහත ගෙවීම් ක්‍රම සඳහා අමතර ගාස්තු අයකිරීමට අවසර නැත.
  • BPAY
  • PayPal
  • Diners Club
  • American Express cards(ඇමරිකන් එක්ස්ප්‍රස් විසින් සෘජුවම නිකුත් කරන ලද කාඩ්පත්)
  • Taxi fares (ගෙවීම් වර්ගය කුමක් වුවත්)

කාඩ්පත් ගෙවීම් වලදී සිදුවන අමතර අයකිරීම් වළක්වා ගන්නේ කෙසේද?

කාඩ්පත් භාවිතයේදී අමතර අයකිරීම් වලින් වැළකී සිටීමට ඇති පහසුම ක්‍රමය වන්නේ මුදල් භාවිතා කර සෑම දෙයක් සඳහාම ගෙවීමයි.

ඔබ මුදල් රැගෙන යාමට අකමැතිනම් , ඔබට කාඩ්පතෙන් ගෙවීමට අය නොකරන ව්‍යාපාරවලින් පමණක් මිලදී ගැනීමට තෝරා ගත හැකිය.

ක්‍රෙඩිට් කාඩ්පත්, විශේෂයෙන් විවිද වරප්‍රසාද හා ත්‍යාග පිරිනමන ක්‍රෙඩිට් කාඩ්පත්, අනෙකුත් ගෙවීම් වර්ගවලට වඩා ඉහළ අමතර ගාස්තුවක් අයකිරීමට ඉඩ තිබේ.එබැවින් ඩෙබිට් කාඩ් මගින් ගෙවීම ඔබේ ඊළඟ හොඳම විකල්පයයි.

*******************************************************************************


SBS සිංහල ගුවන් විදුලි සේවය,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට


SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර


ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA


රූපවාහිනියේ channel 38 (SBS Radio 2)


රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)


අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala


SBS Audio APP (Free)


SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය


*****************************************************************************


Share

Published

Updated

By Amy Hall
Presented by Dinesh Liyanage
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Card Payments වලදී ඔබෙන් අමතර ගාස්තුවක් අයකරන්න businesses වලට පුලුවන්ද? ඒ සම්බන්ද පවතින නීති ගැන දැනගන්න | SBS Sinhala