SKIP TO MAIN CONTENT

උඩරට කැරැල්ලේදී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් සිංහල නායකයින් රජද්‍රෝහීන් කල ගැසට් පත්‍රය අවලංගු කරන්න : විජේදාස ගෙන් මෛත්‍රීට ඉල්ලීමක්‌.

Kandy convention _Sri Lanka 1818
Kandy convention _Sri Lanka 1818 Source: Kandy convention _Sri Lanka 1818

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

1818 උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජද්‍රෝහීන් ලෙස සලකා එවක ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් විසින් නම් කරන ලද ගැසට්‌ පත්‍රය අවලංගු කරන ලෙසට ඉල්ලා අධිකරණ හා බුද්ධශාසන ඇමැති ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිර්දේශයක්‌ මගින් ඉදිරිපත් කර ඇත.

උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු සිංහල නායකයන් 19 දෙනෙකු 1818 ජනවාරි මස 10 වැනි දින අංක 851 දරණ ලංකා ගැසට්‌ පත්‍රයක්‌ මගින් රාජද්‍රෝහීන් ලෙස නම් කර තිබිණි.

ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ මෙම නායකයන්ගේ නම් ඇතුළත් ගැසට්‌ පත්‍රය අවලංගු කර ඔවුන් ජාතික වීරවරයන් වශයෙන් නම් කරන ලෙසට අධිකරණ ඇමැතිවරයා විසින් මෙසේ ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

රාජද්‍රෝහීන් ලෙස නම් කළ මෙම නායකයන් හා ඔවුන්ගේ පවුල්වලට බ්‍රිතාන්‍ය රජය යටතේ සිදුවූ පීඩාවන්වලට සාධාරණයක්‌ ඉටු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.

එවක ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් විසින් රාජද්‍රෝහීන් වශයෙන් නම් කර  පිරිස මෙසේයි.

  • කැප්පෙටිපොළ මහා දිසාවේ
  • ගොඩගෙදර රටේ අධිකාරම්
  • කැටකාල මොහොට්‌ටාලේ
  • මහා බෙත්මරාලේ
  • කුඩා බෙත්මරාලේ
  • පොල්ගොල්ල මොහොට්‌ටාලේ
  • වත්තේ කැලේ මොහොට්‌ටාලේ
  • පොල්ගහගෙදර රෙහෙනරාලේ
  • පොසේරෙවත්තෙ විදානේ
  • කිව්ලේගෙදර මොහොට්‌ටාලේ
  • යාලගොම්මේ මොහොට්‌ටාලේ
  • උඩමාදුරේ මොහොට්‌ටාලේ
  • කොහුකුඹුරේ රටේරාලේ
  • කොහුකුඹුරේ වලව්වේ මොහොට්‌ටාලේ
  • බූටැවේ රටේ රාළ 
  • බගිනිගහවෙලා රටේ රාළ
  • මහාබදුල්ලේ ගම්මානේ රටේ රාළ
  • බුළුපිටියේ මොහොට්‌ටාලේ
  • පල්ලේ මල්හෙයායේ ගමැති රාළ   යන සිංහල නායකයන්ය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now