SKIP TO MAIN CONTENT

ලංකාවේ පරණ ක්‍රිකට් සිහි ගන්වමින් කුසල් ජනිත් ශ්‍රී ලංකාවට ජය කැන්දයි.

Sri Lanka tour of South Africa
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ Durban හිදී පැවැත්වුණු ප්‍රථම ටෙස්ට් තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වේ.

ජයග්‍රාහී ලකුණු 304 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙත කැඳවා ගිය ප්‍රධාන නියමුවා වුයේ නොදැවී ලකුණු 153 ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරාය.

කුසලට අනගි සහයක් ලබා දෙමින් අවසන් කඩුල්ල සඳහා ලකුණු 78 ක සබඳතාවක් පවත්වාගෙන යාමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.

ඔහු නොදැවී ලකුණු 6 ක් ලබාගත්තේය.

පන්දු 200 කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 5 ක් සමග කුසල් මෙම අගනා ලකුණු 153 වාර්තා කළේය.

ඒ අනුව ටෙස්ට් තරග 2කින් සමන්විත මෙම තරගවලියේ ශ්‍රී ලංකාව මේ වන විට 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now