SKIP TO MAIN CONTENT

මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය දැක්වීමම පමණක් අරමුණු කොටගත් අපේක්ෂකයෝ 13 දෙනෙකු ජනපති සටනට ඇවිත් : මැකෝ කියයි

Mahinda Deshapriya
Mahinda Deshapriya

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය දැක්වීමට අපේක්ෂකයෝ 13 දෙනෙකු ජනපති සටනට පැමිණ ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටී.අද පැවසීය.

මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතකට කරුණු දක්වමින් අනාවරණය කොට ඇත.

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට සහයෝගය දක්වන මෙම අනෙකුත් නියෝජිතයන් 13 දෙනාගේ නියෝජිතයින් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවත් ඔවුනගේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි. මෙම අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව කොමිසම සලකා බලාගෙන යන බව ද ඔහු කීය.

එසේම මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරි අනවශ්‍ය ලෙස වැඩිවීමට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව ඉතා දිගු බවත්, මේ නිසා අමතර ඡන්ද පෙට්ටි අවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා අමතර මුදල් ප්‍රතිපාදන අවශ්‍යව ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය

source - Daily Mirror


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now