SKIP TO MAIN CONTENT

වැටුණු ආර්ථිකය ගොඩගන්න මෙවර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අයවැයෙන් ඩොලර් බිලියන ගණනක්

AUS Dollars
Source: Pixabay

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩනයකට පත්ව ඇති තම ආර්ථිකය යළි නගාසිටුවීම සඳහා දකුණු ඔස්ට්‍රේලියාව සිය වියදම් දෙගුණ කිරීමට තීරණය කොට තිබේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අය වැය හෙට එළිදැක්වීමට නියමිත අතර මෙවර අයවැයෙන් ප්‍රාන්තයේ ආර්ථිකය නගාසිටුවීම සඳහා සහ රැකියා විරහිත අනුපාතය අඩු කිරීම සඳහා අමතර ඩොලර් බිලියන 2ක් වෙන් කෙරේ.

එමෙන්ම වසර දෙකක් තුලදී නිමකළ හැකි ව්‍යාපෘති සඳහා අවධානය යොමු කරමින් තවත් ඩොලර් බිලියන 5ක පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත රජය සුදානම් වන අතර ඒ ඔස්සේ රැකියා දහස් ගණනක් නිර්මාණය කිරීම සහ ව්‍යාපාර සඳහා ආධාර කිරීම අරමුණ වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now