SKIP TO MAIN CONTENT

සංශෝධන කිහිපයකින් යුක්තව ශ්‍රී ලංකාවේ පුද්ගල උප්පැන්න සහතිකය අලුත් කෙරේ

Birth Certificate of Sri Lanka is renewed with several amendments
Source: Registrar General's Department

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු ජනගත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ නව උප්පැන්න සහතිකය නව අංග කිහිපයකින් සමන්විත බව රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික උප්පැන්න සහතිකය යන නමින් එය නම් කෙරේ.

මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කෙරෙන අතර එය භාෂා ද්විත්වයෙන්ම සකස් කෙරෙනු ඇත.

රෙජිස්ට්‍රර් ජෙනරාල්ගේ අත්සනින් යුක්තව නිකුත් කරනු ලබන මෙම නව උප්පැන්න සහතිකයේ යමෙකුගේ උපතේ දී ලබා දෙන අනන්‍යතා අංකය ද ඇතුළත් කෙරෙයි.

මෙම ජාතික උප්පැන්න සහතිකය මුද්‍රණය වන්නේ වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට බවද රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ හා හොලෝ ග්‍රෑම් ස්ටිකරයකින්ද එය සමන්විත වේ.

ආගම පිළිබද විස්තර ජාතික උප්පැන්න සහතිකයට ඇතුලත් කර නොමැති අතර ජාතිය යන්න වෙනුවට දෙමාපියන්ගේ ජාතිකත්වය ඇතුලත් කර ඇති බව ද පැවසේ.

ජාතික උප්පැන්න සහතිකයේ ආදර්ශ පිටපතක්

Birth Certificate of Sri Lanka is renewed with several amendments
Sample of National Birth Certificate Source: Supplied

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now