SKIP TO MAIN CONTENT

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුවූ පුපුරවා ගැනීමකින් 15ක් මිය ගොසින්

File photo, Sri Lankan policemen patrol a Muslim neighborhood before Friday prayers in Colombo
File photo, Sri Lankan policemen patrol a Muslim neighborhood before Friday prayers in Colombo Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී පොලිසිය සහ හමුදාවට එරෙහිව ඇතිවූ ගැටුමින් පසු පුපුරවා ගැනීම් 03ක් සිදුවිය. එම පුපුරවාගැනීම්වලින් දිවි නසාගත්තේ යැයි සැකකෙරෙන 15 දෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයා ගෙන තිබේ.

මියගිය අය අතර පිරිමි 6 දෙනෙක්, කාන්තාවෝ තිදෙනෙක් සහ ළමෝ 6 දෙනෙක් සිටිති. ගැටුමින් සහ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු අම්පාර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සංවිධානයට සම්බන්ධ පිරිසක් අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පස්වරුවේ එහි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබේ. එහිදී එම පිරිස සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ. එම ගැටුමින් පසු මෙම පුපුරවාගැනීම් 3 සිදුව තිබේ.

වෙඩි හුවමාරුවෙන් පසුව කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.

යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව සොදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now