SKIP TO MAIN CONTENT

පැරිස් නුවර පොලිස් බැරැක්කයකට BMW රථයකින් ප්‍රහාරයක්.

BMW drove into the Paris police barrack.
Officials and rescuers gather near vehicles after a car slammed into soldiers on patrol in Levallois-Perret, outside Paris on August 9, 2017 Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පැරීසියේ වයඹ දිග කලාපයේ Levallois-Perret හි පිහිටි පොලිස් බැරැක්කයකට හිතා මතාම මෝටර් රථයක් වේගයෙන් පදවා එහි සිටි පොලිස් භටයින් 6 දෙනෙකු තුවාල කිරීමේ සිද්ධියක් ප්‍රංශයෙන් වාර්තා වේ.

එම පිරිසෙන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බවත් සෙසු සිව් දෙනා හට සුළු තුවාල සිදුවී ඇති බවත් සඳහන්.

මෙම සිද්ධිය හිතාමතා සිදු කළ එකක් බවත් එසේ ධාවනය කරනු ලැබුවේ BMW වර්ගයට අයත් මෝටර් රථයක් බවත් Levallois-Perret හි නගරාධිපති Patrick Balkany පවසා ඇත.

මෙම සිද්ධිය ප්‍රංශ වේලාවෙන් අද පෙරවරු 8 ට පමණ සිදුවී ඇති බව සඳහන්.

පොලිස් බැරැක්කයෙන් භටයින් එලියට පැමිණෙන විටම අදාළ මෝටර් රථය අධික වේගයෙන් රේස් කරනු ලැබූ බවද වාර්තා වේ.

සිද්ධියට අදාළ මෝටර් රථය සොයා මේ වන විටත් ප්‍රංශ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now