එළඹෙන නත්තල් නිවාඩුවේ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි වල උෂ්ණත්වය ඉහළ යන ලකුණු. (SBS සිංහල/වාර්තා)

සමස්තයක් වශයෙන් ගත් කළ සිඩ්නි සහ බ්‍රිස්බන් නගර වලට මධ්‍යස්ථ කාලගුණයක් මෙම සති අන්තයේදී අපේක්ෂිත අතර වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලට සෙල්සියස් 40 ට ආසන්න උෂ්ණත්වයක් අපේක්ෂිතය.

Australian Weather

Source: www.8five.com/

ගෙවී යන වසරේ උණුසුම්ම කාලගුණය එළඹෙන කාලය දැන් උදාවී ඇත. නත්තලත් සමග එළඹෙන සති අන්තයේ කාලගුණය පිළිබඳ ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය ප්‍රාන්ත සහ ටෙරිටරි මට්ටමින් අනාවැකි පළ කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ සිඩ්නි සහ බ්‍රිස්බන් නගර වලට මධ්‍යස්ථ කාලගුණයක් මෙම සති අන්තයේදී අපේක්ෂිත අතර වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලට සෙල්සියස් 40 ට ආසන්න උෂ්ණත්වයක් අපේක්ෂිතය.

ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි වලට එළඹෙන සති අන්තයේ කාලගුණ අනාවැකිය පහත පරිදි වේ.

Australian Capital Territory

නත්තල් නිවාඩුවේ ඔස්ට්‍රේලියාවේ අග නුවර තරමක් වලාකුළු සහිත බව වාර්තා වේ. උෂ්ණත්වය තරමක් උණුසුම් වන අතර නත්තල් දිනයේ සෙල්සියස් 32 ක් පමණ වේ.

New South Wales

සිඩ්නි නුවර වැසියන්ට ඉදිරි දින කිහිපය ඉතා සෞම්‍ය කාලගුණයක් අපේක්ෂා කළ හැකි අතර උෂ්ණත්වය සෙල්සියස් 20 ප්‍රමාණයේ පවතියි.

සිඩ්නි සහ බ්‍රිස්බන් වල කාලගුණික තත්ත්වය මධ්‍යස්ථ බවක් උසුලන බවත් ඊට හේතුව මුහුදු හුළං බවත් ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Craig Burke පවසයි.

,ඒ අතර නත්තල් උදාවේ සහ නත්තල් දින උදෑසන කාලයේ මද වැසි ඇතිවීමට ද ඉඩ කඩ ඇති බව වාර්තා වේ.

Northern Territory

NT හට එළඹෙන සති අන්තයේ වැසි ඇතිවීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව වාර්තා වේ. විශේෂයෙන්ම Gregory, Tanami සහ Lasseter යන දිස්ත්‍රික්කවල වැසි සමග සුළි සුළං තත්ත්වයක්ද උදාවෙන බව දැක්වේ.

මෙම කලාපයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් 30 ක් වන අතර අවම වශයෙන් 20ක් බව දැක්වේ.

Queensland

නත්තල් දිනයේ වඩා පැහැපත් කලාපය ලෙස ක්වීන්ස්ලන්තය සඳහන් කිරීමට ඉඩ ඇත.

ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයට අනුව මධ්‍යම සහ දකුණු ක්වීන්ස්ලන්ත කලාප වලට මද වැසි සහ සුළි සුලන් තත්ත්වයක් ඇති වන බව ද කාලගුණ කාර්යශය පෙන්වා දෙයි.

South Australia

1945 වසරේ සිට මේ දක්වා දකුණු ඔස්ට්‍රේලියනු ඉතිහාසය තුළ උෂ්ණත්වය අධිකම දින කිහිපය ලෙස මෙම දින කිහිපය හැඳින් වේ.

ඇඩිලේඩ්හි උණුසුම් වායු ධාරා මෙම සති අන්තයේදී ගමන් කරන අතර එළඹෙන සෙනසුරාදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් බව පැහැදිලිය.

Tasmania

ටස්මෙනියාවේ බොහෝ ප්‍රදේශ වලට හිරු එළිය පතිත වීමට ඉඩ ඇති  බවත් උපරිම උෂ්ණත්වය සෙල්සියස් 31ක් ද වන බවත් පැවසේ.

 Launceston හි උපරිම උෂ්ණත්වය සෙල්සියස් 31 වන අතර කඩින් කඩ වැසි අවශ්‍යව තිබේ,

නමුත් Hobart  හි උපරිම උෂ්ණත්වය සෙල්සියස් 29 ක් වූ අතර නත්තල් දිනයේ සහ අනෙකුත් දිනවල උෂ්ණත්වය සෞම්‍ය එකක් බවද අනාවරණය වී තිබේ.

Victoria

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතුල් නගර වලට උණුසුම් වායු ධාරා ඇතිවීමේ ප්‍රවනතාවක් දක්නට ඇතැයි කාලගුණ කාර්යාංශය පවසයි.

කෙසේවෙතත් ප්‍රාන්තය පුරා වෙනම කාලගුණික තත්වයක් හටගන්නා බවත් උපරිම උෂ්ණත්වය සෙල්සියස් 35 පමණ බවත් ඇස්තමේන්තු කර ඇත.

මේ අතර මෙම උෂ්ණත්වය සහ අනෙකුත් වැඩ කටුයුතු නිසා වික්ටෝරියානු වැසියන් තරමක් කනසෙල්ලන් පසු වන බවද සඳහන්.

Western Australia

එළඹෙන නත්තල බටහිර ඔස්ට්‍රේලියානු කලාපයේ බොහෝ ප්‍රදෙශ වලට උපරිම උෂ්ණත්වයක් ලබා දෙන අතර උපරිම උෂ්ණත්වය සෙල්සියස් 33 ක්ද Boxing Day හි සෙල්සියස් 29 ක් ලෙසද වාර්තා වේ.

මේ වනවිට පැයට කිලෝ මීටර් 700ක වේගයකින් ඇදෙන Yvette සුළි කුණාටුව වයඹ දිග කලාපයේ Karrathaප්‍රදේශය පහු කරමින් වෙරළ තීරයට ඇදීමට මෙම සති අන්තයේදී හැකියාවක් ඇති බවද සඳහන්.


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now