SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල උෂ්ණත්වය මෙම සති අන්තයේදී සෙල්සියස් 40 ඉක්මවන බවට අනතුරු ඇඟවීමක්.

BOM forecasts Queensland, northern NSW heatwave with 40C temperatures tipped
Source: www.bom.gov.au

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

මෙම සතියේ සිකුරාදා පටන් දින තුනක් යනතුරු  ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ  මධයම සහ දකුණු කලාප වලට මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයට අධික ග්‍රීෂ්මයක් හටගන්නා බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබේ.

ඒ අනුව ඇතැම් ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා යන බව පැවසේ.

බටහිර ක්වීන්ස්ලන්තයේ සිට පැමිණෙන වියළි වාතය හේතුවෙන් මෙම සති අන්තයේදී උෂ්ණත්වය ඉහළ නගින බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ  ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Michael Knepp පැවසීය.

බ්‍රිස්බන් ඇතුළු ක්වීන්ස්ලන්ත බටහිර නගරවල උෂ්ණත්වය සෙල්සියස් 30 මට්ටමේ පවතින බවත් එළඹෙන දින පහ හය ඇතුළත එය 40 - 41 දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවත් ඔහු පවසයි.

ක්වීන්ස්ලන්ත මායිමේ සහ Great Dividing Range බටහිර කලාපයේ ඇති බොහෝ නගරවල උෂ්ණත්වය ඉදිරි දින කිහිපය තුළ සෙල්සියස් අංශක 40 ට වඩා වැඩි වනු ඇති බවද ඔහු පැවසුවේය.

එළඹෙන සෙනසුරාදා (03/12) Moree, Walgett, Brewarrina සහ Bourke යන ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් 44 ක් බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now