SKIP TO MAIN CONTENT

මහ බැංකු බැඳුම්කර වංචාවෙහි ප්‍රධාන සැකකරුවෙකු වන අර්ජුන් ඇලෝෂියස්‌ ඇමති රවී ගේ ගෙවල් කුලී ගෙවලා

Ravi Karunanayaka -
minister - Sri Lanka

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

මහ බැංකු බැඳුම්කර වංචාවෙහි ප්‍රධාන සැකකරුවෙකු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හට නිවසක් මිලදී  ගෙන දී ඇතැයි ඊයේ පැවති ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ ලබාදුන් සාක්‍ෂි වලිදී හෙලිදරව්වෙයි. මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිවලින් මේ බව හෙළිව තිබේ.

එහිදී වැඩිදුරටත් කරුණු හෙළිකර සිටි ඇය පවසා සිටියේ ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක්‌, තමාට අයත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (apartment) ඇමතිවරයාට බදු කුලී පදනම මත ලබාදී තිබුණු අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක්‌ හරහා බවයි.

ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට මිලදී ගෙන තිබේ. එසේම එය සිදු වුයේ අමාත්‍යවරයාගේ පවුලේ සමාගමක්‌ හරහා බවත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now