සිඩ්නි නුවර බොන්ඩායි හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේදී සිදු වූ ත්‍රාසජනක ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කළ පුද්ගලයා 40 හැවිරිදි ක්වීන්ස්ලන්ත ජාතික Joel Cauchi ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු පසුගිය මාසයේ බ්‍රිස්බේන් සිට සිඩ්නි වෙත සංක්‍රමණය වී තිබේ.
Joel Cauchi සෙනසුරාදා සවස 3 ට පමණ පිහියක් අතැතිව මිනිසුන්ට පරදී ඇති අතර, කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම සමූහ පිහි ඇනුම හේතුවෙන් දැවැන්ත පොලිස් විමර්ශනයක් මේවනවිට ආරම්භ කර තිබේ.
මේ අනුව මෙම ප්‍රහාරකයා, මෙම ප්‍රහාරය පසුපස තිබූ ඔහුගේ අරමුණු , වින්දිතයන් සහ ඔහුව ඝාතනය කළ කාන්තා පොලිස් නිලධාරිනිය ගැන මේවන විට අනාවරණය වී ඇති තොරතුරු සහ වත්මන් තත්වය කෙබඳුද ?
Joel Cauchi යනු කවුද?
බොන්ඩායි ප්‍රහාරකයා කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ බලධාරීන් දන්නා බවත් ඔහු මානසික සෞඛ්‍ය දුෂ්කරතා වලින් පෙළෙන බවත් ඉරිදා උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සහකාර කොමසාරිස් ඇන්තනි කුක් පවසා තිබේ.
ඔහුගේ ප්‍රහාරය වෙනත් කිසියම් අරමුණක් හෝ මතවාදයක් විසින් මෙහෙයවනු ලැබූවක් යැයි පැවසීමට කිසිදු සාක්ෂියක් නොමැති බව NSW පොලිසිය තහවුරු කර ඇත.
මෙම සිදුවීම මෙම පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට සම්බන්ධ බව පෙනෙන්නට ඇති බව කුක් ඉරිදා වාර්තාකරුවන් වෙත පවසා තිබේ.
Joel Cauchi මාර්තු මාසයේදී ක්වීන්ස්ලන්තයේ සිට සිඩ්නි වෙත ගොස් කුඩා ගබඩා ඒකකයක් කුලියට ගෙන තිබේ.
කෞචිට වයස අවුරුදු 17 දී මානසික රෝගයක් ඇති බව හඳුනාගෙන ඇති අතර, එහි පරීක්ෂණ වලට අනුව, ඔහුගේ තත්වය පසුගිය වසර කිහිපය දුර්වල වී ඇති බව ක්වීන්ස්ලන්ත පොලිසියේ සහකාර කොමසාරිස් රොජර් ලෝව් පවසා තිබේ.
"මෙම පුද්ගලයා කිසි විටෙක ක්වීන්ස්ලන්තයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නෑ , ඔහුට කිසිදු අපරාධ වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නෑ ," යැයි ලෝව් (Lowe ) පැවසීය.
ඔහු මූලික වශයෙන් පසුගිය වසර හතර, පහ දක්වා කාලය තුළ පොලිසිය සමඟ සම්බන්ධ වී ඇති අතර එය ඔහු සමඟ පොලීසිය පැවැත්වූ සමීපතම සම්බන්ධතාව එය බව ලෝව් වැඩිදුරටත් පැවසීය.
කෞචිගේ වින්දිතයන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් වුවද, ගෘහස්ථ හිංසනයට යොමුවී ඇති බවට කිසිදු වාර්තාවක් නොතිබුණි. ගෝල්ඩ් කෝස්ට්හිදී පසුගිය දෙසැම්බර් මාසයේ මාර්ගයකදී ඔහුව පරීක්ෂා කිරීමකට ලක්වීමෙන් පසුව ක්වීන්ස්ලන්ත පොලිසිය කෞචි සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි.
සෙනසුරාදා රූපවාහිනී දර්ශනවල තම පුතා දුටු බව විශ්වාස කිරීමෙන් පසු කෞචිගේ පවුල බලධාරීන් සමග සම්බන්ධ වූ බව ලෝව් පවසා සිටී. ඔහුගේ පවුකලේ අය සමඟ කතා කිරීමෙන් අවබෝධ වූ යේ ඔහු තැනින් තැනට ගමන් කරමින් සිටි අයකු බව යැයි ලෝව් වැඩිදුරටත් පවසා තිබේ.
කෞචි, කළු පැහැති බෑගයකින් සැරසී, ඔක්ස්ෆර්ඩ් වීදියේ වියට්නාම අවන්හලකින් ආහාර වේලක් ඇණවුම් කරන ආකාරය ප්‍රහාරයට පැය කිහිපයකට පෙර CCTV දර්ශනවල සටහන් වී තිබේ.
කෞචි මීට පෙර අන්තර්ජාලය හරහා escort ගිණුමක් සකසා ඇති අතර, එහි කිසිදු පැහැදිලි රූප ඇතුළත් නොවූ අතර, තමා ක්‍රීඩාශීලී හොඳ පෙනුමක් ඇති 39 හැවිරිදි පිරිමි අයෙකු ලෙස විස්තර කර තිබේ.
ඔහුගේ මේවනවිට මකා දමා ඇති ෆේස්බුක් ගිණුමේ සඳහන් වී තිබෙන්නේ ඔහු ටූවෝම්බා (Toowoomba) හි හැදී වැඩුණු බවත් හැරිස්ටවුන් (Harristown) ප්‍රාන්ත උසස් පාසලේ සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බවත්ය.
2020 දෙසැම්බරයේ ෆේස්බුක් සමූහයකට කෞචි විසින් ඔහුගේ ගිණුමෙන් පළ කළ සටහනක, "අත් තුවක්කු ඇතුළු තුවක්කු වලින් වෙඩි තබන පුද්ගලයින්ගේ කණ්ඩායම් හමුවීමට බලාපොරොත්තු වනවා. ඔබට මට උදව් කළ හැකි නම් කරුණාකර මට DM කරන්න! (සෘජු පණිවිඩයක් එවන්න) මම බ්‍රිස්බේන් වල ජීවත් වෙනවා," යැයි ඔහු සඳහන් කර තිබේ.
කෞචිගේ සමාජ මාධ්‍ය ගිණුමේ දැක්වෙන්නේ ඔහු ඔන්ලයින් ඉංග්‍රීසි උපදේශකයෙකු ලෙස සේවය කළ බවත් ඔහු බොන්ඩායි හි සර්ෆින් (Surfing) කිරීමට සැලසුම් කරන බවත් ප්‍රහාරයට දින හයකට පෙර තවත් ෆේස්බුක් කණ්ඩායමකට දැනුම් දී තිබේ.

ප්‍රහාරයෙන් තමන් "දැඩි කම්පනයට පත් වී සිටින බව ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින්, කවුචි පවුලේ සාමාජිකයින් පවසා තිබේ.
"අපගේ සිතුවිලි සහ යාච්ඤාවන් වින්දිතයින්ගේ පවුල්, මිතුරන් සහ මේ වන විට තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අය සමඟයි" යනුවෙන් ඔවුන් ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"ජෝයෙල්ගේ (Joel) ක්‍රියාව සැබවින්ම බිහිසුණුයි , සිදු වූ දේ අපි තවමත් තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ඔහු නව යොවුන් වියේ සිටම මානසික සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳිනවා"
"අපි නිව් සවුත් වේල්ස් පොලිස් බලකාය සහ ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවය යන දෙකම සමඟ සම්බන්ධ වී සිටින අතර අපගේ පුතාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා සමඟ කිසිදු ගැටළුවක් නොමැති අතර ,ඇය අනෙක් අය ආරක්ෂා කිරීම සඳහා ඇගේ කාර්යය සිදුකර තිබෙනවා." යැයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
මෙහිදී කෞචි පවුල තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ලෙස ද ඉල්ලා සිට තිබේ.
පිහි ඇනුම සඳහා හේතුවක් පොලිසිය තහවුරු කරගෙන තිබේද?
මෙම ප්‍රහාරය සඳහා ඇති වූ පෙළඹවීම පොලිසිය තවමත් තහවුරු කර නොමැති බව කුක් පවසා සිටී
“අපි දන්නවා මේ කාරණයේ වැරදිකරු මානසික සෞඛ්‍යයකින් පෙළෙන බව ... මෙම අවස්ථාවෙහිදී පෙනෙන්නේ මෙය මෙම පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය නිසා සිදු වූවක් බවයි"
"කිසියම් විශේෂ පෙළඹවීමක්, දෘෂ්ටිවාදයක් හෝ වෙනත් ආකාරයකින් මෙය මෙහෙයවනු ලැබූ බවට යෝජනා කරන බුද්ධි තොරතුරු අපට ලැබී නෑ ."
පිහි ප්‍රහාරයට ගොදුරු වූවන් ගැන අප දන්නේ මොනවාද?
ප්‍රහාරයෙන් වයස අවුරුදු 20 ත් 55 ත් අතර කාන්තාවන් පස් දෙනෙකු සහ 30 හැවිරිදි පිරිමි ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
වින්දිතයින්ගෙන් 5 දෙනෙකු මෙම අදියරේදී නම් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේදී පවුලක් නොමැති විදේශයක සිට පැමිණි ය බව කූක් සඳහන් කර සිටී.
මියගිය අයගෙන් එක් අයෙක් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජෝන් සිංගල්ටන්ගේ දියණිය වන 25 හැවිරිදි ඩෝන් සිංගල්ටන් වේ.
ඩබල් බේ හි අසල සේවය කළ ගෘහ නිර්මාණ ශිල්පී ජේඩ් යන්ග් ද මෙම සිදුවීමේ ගොදුරක් වී ඇති බව ඉරිදා මාධ්‍ය ආයතන විසින් නම් කර තිබේ.

NSW පොලිසිය විසින් 55 හැවිරිදි Pikria Darchia ද පිහි ඇනුමේ ප්‍රහාරයට ගොදුරු වූ අයෙකු ලෙස නම් කර ඇත.
Darchia ජෝර්ජියාවේ Tbilisi හි සිට පැමිණි අයකු වන අතර, LinkedIn ගිණුමේ සඳහන් පරිදි ඇය කලාකාරිනියක් වේ. ඇගේ පවුලේ අය ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරදෙන ඉල්ලා තිබේ.

ඕස්ට්‍රේලියාවේ අහමදියා මුස්ලිම් ප්‍රජාවට අනුව, 2023 දී පාකිස්තානයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි ෆරාස් තාහීර් ඝාතනයට ලක්වූ ආරක්ෂක නිලධාරියා වන අතර එහිදී ඔහු පීඩාවට ලක්වීම නිසා ඔස්ට්‍රේලියාවට පලා ආ අයෙක් බව වාර්තා වේ.

තවත් ගොදුරක් වූයේ ප්‍රදේශයේ මවක් වන Ashlee Good ය. ඇය තුවාල ලැබූ මාස නවයක් වයසැති තම දරුවා නාඳුනන අයගේ අතට ගෙන ගොස් සිහිය නැති වීමට පෙර ඇයට උදව් කරන ලෙස ඔවුන්ගෙන් අයැද සිටි බව Sydney's Daily Telegraph වාර්තා කර සිටී.

ගුඩ් පසුව ඇයගේ තුවාල හේතුවෙන් මිය ගිය අතර ඇගේ දියණිය හැරියට් රැන්ඩ්වික් හි ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව NSW සෞඛ්‍ය අමාත්‍ය Ryan Park පවසා තිබේ.
ප්‍රහාරයෙන් පිහි ඇනුම් තුවාල ලැබූ කාන්තාවන් නව දෙනෙකු ඇතුළුව අවම වශයෙන් තවත් 12 දෙනෙකු රෝහල් ගත කර ඇතත්, සමහරු ඉරිදා සවස් වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.
ප්‍රහාරකයා මරා දැමූ නිලධාරියා කවුද?
එම ස්ථානයේ සිටි Amy Scott වන හුදකලා කාන්තා පොලිස් නිලධාරිනිය විසින් Cauchi ව වෙඩි තබා ඝාතනය කර තිබේ.
NSW ප්‍රිමියර් ක්‍රිස් මින්ස් ඉරිදා ස්කොට්ගේ වීර ක්‍රියාවන් සඳහා උපහාර දැක්වීමට කටයුතු කර තිබේ.

Amy Scott නිලධාරිනිය වෘත්තීයභාවය සහ නිර්භීතකම පෙන්වූ අතර , පසුගිය පැය 24 තුළ බොහෝ ජීවිත බේරා ගත බව ක්‍රිස් මින් පවසා සිටී.
"She’s with her family today, which is important. But this state owes her an enormous debt of gratitude," Minns added.
පොලිසිය මෙම නිලධාරිනිය ගැන "ආඩම්බර වන" බව කුක් ඉරිදා පැවසීය.
මේ වනවිට එහි තත්වය කෙබඳුද?
බොන්ඩායි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය ක්‍රියාකාරී අපරාධ ස්ථානයක් ලෙස ඉදිරි දින කිහිපය තුළ වසා තබනු ඇති බව කුක් වැඩිදුරටත් පැවසීය
මෙය විශාල අපරාධ ස්ථානයකි. මෙහි සියලු තොරතුරු නිවැරදිව ලබා ගැනීමට අපි වග බලා ගත යුතුයි. ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටී.
රට පුරා ධජ අඩකුඹු කිරීමට තීරණයක්
විපතට පත්වූවන් හයදෙනාට ගෞරවයක් වශයෙන් සියලුම රජයේ ගොඩනැගිලිවල ඕස්ට්‍රේලියානු ධජය අඩකුඹු කරන ලෙස අගමැති ඇන්තනි ඇල්බනීස් ඉල්ලීමක් කර තිබේ.
එය ශෝකයේ සහ ගෞරවයේ සලකුණක් වන අතර අනෙකුත් සංවිධාන මේ සඳහා සහභාගී වන්නේ නම් එය අගේ කරන බවද රජය පවසා සිටී.
ශෝකයේ සහ ගෞරවයේ සලකුණක් ලෙස, ඕස්ට්‍රේලියානු රජයේ දෙපාර්තමේන්තු සහ අනුබද්ධ ආයතන විසින් පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලි සහ ආයතනවලින් ඕස්ට්‍රේලියානු ජාතික ධජය 2024 අප්‍රේල් 15 සඳුදා අඩකුඹු කළ යුතු බව පොදුරාජ්‍ය මණ්ඩලීය ධජ සම්බන්ද නිලධාරියා ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සිද්ධිය ඇසින් දුටු ඕනෑම අයෙකු අපරාධ මර්දන අංශයේ 1800 333 000 අමතන ලෙස ඉල්ලා සිටී.
මානසික සෞඛ්‍යය පිළිබඳ සහය අපේක්ෂා කරන පාඨකයින්ට 1300 22 4636 ඔස්සේ Beyond Blue සම්බන්ධ කර ගත හැක. වැඩිදුර තොරතුරු beyondblue.org.au හරහා ලබා ගත හැක.

