SKIP TO MAIN CONTENT

වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් අතර දැනට ක්‍රියාත්මක ප්‍රාන්ත සීමා සංචරණ නීති ජනවාරි අවසානය තෙක් ඉවත් නොකෙරෙන ලකුණු

The coronavirus outbreak in Melbourne has sparked a public health alert in New South Wales.
The coronavirus outbreak in Melbourne has sparked a public health alert in New South Wales. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර දැනට ක්‍රියාත්මක ප්‍රාන්ත දේශ සීමා හරහා සංචරණය සඳහා පනවා ඇති දැඩි සීමා කිරීම්, ජනවාරි මාසය අවසානය දක්වා ක්‍රියාත්මක විය හැකි බව වාර්තා වේ.

වික්ටෝරියා හි COVID-19 මෙහෙයුම් නිලධාරි ජෙරන් වයිමර් 3AW ගුවන් විදුලි නාලිකාවට පවසා සිටියේ මහජනතාවට මින් ඇතිවන අපහසුතාව පිළිබඳව කණගාටු වන නමුඳු සීමා පැනවීම අවශ්‍ය බවයි.

දැනට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිරවී සිටින වික්ටෝරියානුවන්ට ජනවාරි මස අවසානයට පෙර නැවත පැමිණීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු බව වික්ටෝරියා හි COVID-19 මෙහෙයුම් නිලධාරි ජෙරන් වයිමර් වැඩිදුරටත් පවසා සිටී.

දැනටමත් 2,300 ක පිරිසක් මෙම විශේෂ අවසරය සඳහා ඉල්ලා ඇති අතර ඉන් 175 ක පිරිසක් සඳහා අනුමැතිය ලැබී තිබේ.

මේ අතර දකුණු ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්ටීවන් මාෂල් පවසන්නේ නිව් සවුත් වේල්සයේ ප්‍රාන්තයේ කිසිඳු කොරෝනා ප්‍රජා ආසාදනයක් වාර්තා නොවී දින 14 ක කාලයක් යනතුරු නිව් සවුත් වේල්සය සමඟ ඇති තම ප්‍රාන්ත දේශ සීමාව වසාතබිමට තීරණය කොට ඇති බවයි.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තය සමඟ තම ප්‍රාන්ත සීමා වසා දැමීමට අදහසක් නොමැති බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ස්ටීවන් මාෂල් පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now