SKIP TO MAIN CONTENT

එක්සත් ජාතීන්ගේ යුධ අධිකරණයේදී හිටපු බොස්නියානු ආරක්ෂක ප්‍රධානියා වස බී දිවි නසා ගනියි. (වීඩියෝ)

Bosnian-Croat war criminal dies after 'drinking poison' in UN court
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

හිටපු බොස්නියානු ක්‍රොයේෂියානු ආරක්ෂක ප්‍රධානී ස්ලෝබෝඩන් ප්‍රාලීආක් ඊයේ (29/11) එක්සත් ජාතීන්ගේ යුධ අධිකරණය හමුවේ පෙනී සිටියදී වස පානය කිරීමන් අනතුරුව මියගොස් තිබේ.

1990 වසරේදී බොස්නියානු නගරයක සිටි මුස්ලිම් වරුන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල වී තිබුණි.

ඒ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ යුධ අධිකරණය මෙහෙයවූ නඩුවේදී ඔහු වරදකරුවකු බවට ඔප්පු කරමින් වසර 24 ක සිර දඬුවමක් නියම කිරීමට තීන්දුව ලබා දුන්නේය.

කෙසේ නමුත් ස්ලෝබෝඩන්  ඊට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් අධිකරණය එම අභියාචානය විභාගයට ගෙන නිෂ්ප්‍රභ කර තිබුණි.

තමන් යුධ අපාරාධ කරුවෙකු නොවන බව ස්ලෝබෝඩන්   දිගින් දිගටම අධිකරණය හමුවේ පවසා ඇති අතර ඔහු වස පානය කිරීමට පෙරද තමන් යුධ අපාරාධ කරුවෙකු නොවන බව අවසන් වරට පැවසු බව වාර්තා වේ.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now