SKIP TO MAIN CONTENT

යුද අපරාධ සිදු කළා යැයි ජනරාල් ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයේ නඩු.

Brazil lawsuit accuses Jagath Jayasuriya of war crimes
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: AP, Al-Jazeera



Skip to article content

යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකානු  රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ  නඩු පවරා ඇතැයි වාර්තා වේ.

බ්‍රසීලය , කොළොම්බියාව , ආර්ජන්ටිනාව ,චිලී ,පේරු සහ සූරිනේම් යන දකුණු ඇමෙරිකා  රටවල් හි ක්‍රියාත්මක  මානව හිමිකම් සංවිධාන කිහිපයක් විසින් මෙලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත.

 

යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආරක්ෂක ආඥාපතිව සිටියදී ඔහුගේ යුද කණ්ඩායම් විසින් උතුරේ පුද්ගලයින් ඇතුරුදන් කරවීම් ,පුද්ගලයින්යට වද හිංසා පැමිණවීම, රෝහල් වලට ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසමින් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.

 

ජනරාල් ජගත් ජයසූරිය මහතා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඉකුත් 2015 වසරේදී  බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද  තානාපතිවරයා ලෙස කටයුතු කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now