Breaking : රසායන ද්‍රව්‍යක් මිශ්‍ර වූවා යයි සැකය නිසා ඔස්ට්‍රේලියාවේ නැවුම් කිරි වර්ග කිහිපයක් නැවත කැඳවයි. මිලට ගන්නට එපා යනුවෙන් දැනුවත් කිරීමක්.

Milk

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අලෙවි කරන ලද නැවුම් කිරි වර්ග කිහිපයක් නැවත කැඳවීමට Lactalis Australia කටයුතු යොදා තිබේ.

රසායන ද්‍රව්‍යක් අඩංගු වී ඇති සැකයක් හේතුවෙන් මේ කැඳවීම සිදුකර තිබේ.

ඒ අනුව I-G-A, Coles, Woolworths  මෙන්ම වෙනත් සිල්ලර වෙළෙඳ සැල් හරහා අලෙවි කරනු ලැබූ ලීටරයේ නැවුම් කිරි මෙලෙස නැවත කැඳවා ඇත.

එම රසායන ද්‍රව්‍ය අඩංගු කිරි වල පැහැය කහ පැහැයක් සහිත හෝ ලෝහ රසායන රසයක් සහිත වේ යයි Lactalis Australia පවසයි.

ඒ අනුව Coles, Pauls, REV සහ PhysiCAL යන වෙළෙඳ නාම යටතේ ජුනි 25 ත් 27 ත් අතර කල් ඉකුත් වීම් දින සහිත කිරි මෙලෙස නැවත කැඳවා තිබේ.

නැවත කැඳවූ නැවුම් කිරි වර්ග වල පූර්ණ විස්තරය පහත පරිදි වේ.

  • Coles Full Cream Milk 1L Bottle (use by date: 25 and 26 June 2019)
  • Coles Low Fat Milk 1L Bottle (use by date: 25 and 26 June 2019)
  • Coles Skim Milk 1L Bottle (use by date: 25 June 2019)
  • Pauls Full Cream Milk 1L Bottle (use by date: 26 and 27 June 2019)
  • Pauls Smarter White Milk 1L Bottle (use by date: 25, 26 and 27 June 2019)
  • REV 1L Bottle (use by date: 28 June 2019)
  • PhysiCAL Low Fat 1L Bottle (use by date: 26 June 2019)
  • PhysiCAL Skim 1L Bottle (use by date: 27 June 2019)
Milk
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now