SKIP TO MAIN CONTENT

Breaking: රුසියානු ගුවන් යානයක ඇතිවූ ගින්නකින් මගීන් 41 දෙනෙකු ජීවිතක්ෂයට. (වීඩියෝ සහිතයි)

Russian plane engulfed in flames makes emergency landing, 41 dead
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

හදිසි ගොඩබැස්වීමකදී ඇතිවූ ගින්නක් හේතුවෙන් Aeroflot නැමති රුසියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක සිටි මගීන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

රුසියානු වේලාවෙන් ඊයේ (05/05) පස්වරුවේ මොස්කව් ගුවන් තොටුපොළට Aeroflot ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් හදිසියේ ගොඩ බැස්වීමට යාමේදී මෙම ගින්න ඇතිවිය.

ගුවන් යානයේ මගීන් 78 ක් සිට ඇති අතර ගින්නෙන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

ඒ අතර කුඩා දරුවන්ද වන බව සඳහන්.

පුදගලයින් 37 දෙනෙකු දිවි ගලවාගැනීමට සමත් වී තිබේ.

මෙම ගුවන් යානය නිෂ්පාදනය කර තවමත් ගතවී ඇත්තේ වසරක කාලයක් පමණක් බව සඳහන් වන අතර ගුවන් ගතවී මිනිත්තු 45 කින් එය හදිසියේ ගොඩ බැස්වීමට එහි නියමුවා තීරණය කළ බව මේ වන විට වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now