Breaking News: ලැව්ගිනි නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Bushfires in NSW and QLD

Muaj 2 tug neeg tua hlav taws tseem tswj ib kob hav zoov kub hnyiab ntawm xeev NSW thiab Qld rau lub caij hav zoov kub hnyiab ntawm 2 lbu xeev no (AAP) Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කටයුතු යොදා තිබේ.

මේ වන විටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ලැව් ගිනි 60 කට අධික සංඛ්‍යාවක් ඇතිවී තිබීම ඊට හේතුව වී ඇත.

මෙම හදිසි තත්ත්වය දින 7 ක් පුරාවට ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල වැසියන්ට ද ලැව් ගිනි සමබන්ධව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

මේ සතියේදී ලැව් ගිනි තත්ත්ව වඩාත් උත්සන්න වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින බවට අදාළ ප්‍රදේශ වාසීන්ට ඔවුන් අනතුරු අඟවා තිබේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි අවදානම් ශ්‍රේණිගත කිරීම "Watch-and-act" දක්වා පහත හෙළා ඇති නමුත් එය එක්වරම ඉහළ නැගිය හැකි බවට ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව පවසයි.

හෙට දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Sydney සහ Hunter කලාප වල උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමට නියමිත බැවින් එම කලාප වල බරපතල ලැව්ගිනි ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවද වාර්තා වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now