SKIP TO MAIN CONTENT

Breaking News : නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් නැවතත් ලිබරල් සන්ධානයට ජය.

NSW Election 2019
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

අද (23/03) පැවති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් බලයේ සිටි ලිබරල් සන්ධාන රජය නැවත වරක් ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian තුන්වන වරටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතය.

මේ වන විට 50% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන්ව ඇති අතර එහිදී වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගැනීමට ලිබරල් සන්ධානය සමත්වී ඇති බව වාර්තා වේ.

අවසන් ඡන්ද ප්‍රතිඵලය නිල වශයෙන් එළඹෙන අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආසන 93 ක් ඇති අතර බහුතර බලය හිමි කරගැනීමට අවම වශයෙන් ආසන 47 ක් දිනාගත යුතුය.

නමුත් දැනට වාර්තා වන අන්දමට ලිබරල් සන්ධානයට බහුතර බලයක් සහිත ප්‍රාන්ත රජයක් තනිව පිහිටුවිය හැකිද යන්න පැහැදිලිවම කිව නොහැකිය.

කම්කරු පක්ෂයේ පරාජය ප්‍රාන්ත විපක්ෂ නායක Michael Daley විසින් මේ වන විට බාරගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now