Breaking News : ළමා අපයෝජන නිසා ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයාට වසර 6 ක සිර දඬුවම්.

George Pell sentenced to six years in jail

Source: AP

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන කාදිනල් George Pell හට එල්ලවී තිබූ ළමා අපහරණ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු වීමෙන් අනතුරුව ඔහුව අද දිනයේ (13/03) ඔහුට වසර 06 ක සිර දඬුවම් නියම කෙරිණි.

මෙල්බර්න් අධිකරණයේ ප්‍රධාන විනිසුරු Peter Kidd විසින් මෙම නඩුව මෙහෙයවනු ලැබූ අතර එය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.

එම වසර 6 ක සිර දඬුවම් කාලය තුළ අනිවාර්ය සිර දඬුවම් කාලය (non-parole period) වසර 3 කුත් මාස 8 ක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

මෙල්බර්න් නුවර අගරදගුරු ලෙස ඔහු කටයුතු කරන කල 1996 වසරේදී දේවස්ථානයේ දේව ගීතිකා කණ්ඩායමේ 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

2017 වසරේදී වික්ටෝරියානු පොලීසිය විසින් මෙම චෝදනා ගොනු කර කාදිනල් George Pell හට විරුද්ධව නඩුව ගොනු කළේය.

කාදිනල් George Pell, වතිකානුවේ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එය වතිකානු රාජ්‍යයේ තෙවන ඉහළම තනතුර ලෙසද වාර්තා වේ.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වික්ටෝරියානු පොලීසිය විසින් කාදිනල් George Pell හට එරෙහිව ගෙන ගිය මෙම ළමා අපයෝජන නඩුව මෑත කාලීන ලෝකයේ කතෝලික සභාවේ ඉහළම තනතුරක් දරන පූජකයෙකු හට විරුද්ධව ගෙන ගිය එකම නඩුව ලෙසද ඉතිහාසගත වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now