SKIP TO MAIN CONTENT

Breaking News : ඔස්ට්‍රේලියානු රජයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි.

Julia Banks quits
Source: Wikimedia

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී Julia Banks මීට සුළු වේලාවකට පෙර ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන ලෙස කටයුතු කරන බව පවසා විපක්ෂයේ අසුන් ගෙන තිබේ.

නමුත් ලිබරල් පක්ෂයේ රහස්‍ය භාවය ආරක්ෂා කරන බවත් රජය බිඳ වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඇය පවසා තිබේ.

කෙසේවෙතත්, Julia Banks ගේ අස්වීමත් සමග ලිබරල් සන්ධානයට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ තවත් ආසනයක් අහිමි විය.

පසුගිය අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පැවති ආසනය සඳහා පැවති Wentworth අතුරු මැතිවරණයෙන් ජයගත් ස්වාධීන අපේක්ෂිකා වෛද්‍ය Kerryn Phelps හේතුවෙන්ද ලිබරල් සන්ධානයට පහළ මන්ත්‍රණ සභාවේ ආසනයක් අහිමි විය.

ඒ අනුව මේ වන විට ලිබරල් සන්ධාන රජයට සුළුතර ආණ්ඩුවක් ඇති අතර යම් පනතක් සම්මත කර ගැනීමට නම් අනිවාර්යෙන්ම ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගත යුතු වේ.

මේ අතර ලබන වසරේ මැයි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියාවේ මධ්‍යම අය වැය, මැයි මස පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් අද (27/11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Julia Banks quits
Source: AAP

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන සංයුතිය

  • ලිබරල් පක්ෂය - 74
  • කම්කරු පක්ෂය - 69
  • ස්වාධීන මන්ත්‍රීවරුන් - 07
  • මුළු ගණන - 150

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now