Breaking News : ඔස්ට්‍රේලියාවේ 457 වීසා ඛාණ්ඩයේ කොන්දේසි වෙනස් වෙයි. (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියාවේ 457 වීසා ඛාණ්ඩය යටතේ සිටින විදේශ ශ්‍රමිකයන් තම රැකියාව නිමවී ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට ලබාදුන් කාලය දින 90 සිට දින 60 දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

Australian Government  amend 457 visa conditions.

Source: Shutterstock

ඔස්ට්‍රේලියාවේ 457 වීසා ඛාණ්ඩය යටතේ සිටින විදේශ ශ්‍රමිකයන් තම රැකියාව නිමවී ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට ලබාදුන් කාලය දින 90 සිට දින 60 දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම නව නීතිය, නොවැම්බර් 19 වන දින සෙනසුරාදායින් පසුව 457 වීසා හිමිවන පුද්ගලයන් හට බලාත්මක වන බව ඔස්ට්‍රේලියාවේ ආගමනික කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton අද (16/11) නිවේදනය කළේය.

මෙම නව නීතිය හඳුන්වාදෙනු ලැබුවේ 457 වීසා ඛාණ්ඩයේ නියම අරමුණ සාක්ෂාත් කිරීමට බව ඔහු පැවසීය.

අනුමැතිය ලත් අනුග්‍රාහක සේවා යෝජිතයන් යටතේ සහ සේවා වියුක්තියේ ප්‍රතිලාභ සඳහා හිමිකම් නොකියන 457 වීසා ලාභීන් මුහුණ දෙන අවදානම් තත්ත්වයන් මේ හේතුවෙන් අවම වෙනු ඇතැයිද Peter Dutton වැඩි දුරටත් පැවසීය.

“457 වීසා ඛාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව තුළ සේවය කරන බොහෝ නිපුණ පුද්ගලයන්ගේ සේවය ඔස්ට්‍රේලියාවට ඉතා වටින නමුත් ඔස්ට්‍රේලියානු සේවකයන් රැකියා සඳහා සූදානම් විට ඔවුන් හට ප්‍රමුඛත්වය ලබා දිය යුතු වෙනවා.” ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

457 වීසා ලාභීන් තම රැකියාව නිමවී ඔස්ට්‍රේලියාවේ රැදී සිටිය යුතු කාලය දින 28 සිට දින 90 දක්වා ඉහළ දැමීම පිළිබඳ Peter Dutton, කම්කරු පක්ෂය විවේචනය කර තිබේ.

විදේශ ශ්‍රමිකයන්ට නිපුණතා හිඩැස් පුරවා ගැනීමට අවශ්‍ය බව කම්කරු පක්ෂ නායක Bill Shorten විශ්වාස කරයි. නමුත් 457 වීසා ලාභීන් සඳහා ප්‍රචාරණය කරන ඇතැම් රැකියා ඔස්ට්‍රේලියානුවන් විසින් කරගෙන යායුතු ඒවා වෙයි.

“විදේශ රටකින් ශ්‍රමිකයකු ගෙන්වා සිදු කරන රැකියාව ඔස්ට්‍රේලියානු පුද්ගලයෙකුට කරන්න පුළුවන් නම් එය දැකීමයි අපේ සතුට” Bill Shorten ක්වීන්ස්ලන්තයේ Mackay නගරයේදී මාධ්‍යවේදීන් අමතා පැවසුවේය.

විදේශ ශ්‍රමිකයකු අනියුක්ත කර ගැනීමට පෙර රැකියා ඇබෑර්තු දේශීයව ප්‍රචාරණය කළ යුතු බව කම්කරු පක්ෂය අවධාරණය කරයි.

Bill Shorten සහ ඔහුගේ අති විශේෂ කුහකකම පිළිබඳ නැවත වතාවක් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull අදහස් පළ කරමින් පැවසුවේ, Bill Shorten රැකියා පිළිබඳ අමාත්‍යවරයා ලෙස සිටියදී නිකුත් කළ 457 වීසා ප්‍රමාණය අන් කවර කාලයකටත් වඩා ඉහළ බවය.

ජාතික ආරක්ෂාව සහ දේශ සීමා ආරක්ෂණය පිළිබඳ පක්ෂය තුළ හටගෙන ඇති අර්බුද හේතුවෙන් එය දෙකඩ වීම වැළක්වීමට මෙවැනි ප්‍රචාරණයන් සිදු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

නිපුණතා සංක්‍රමණිකයන් හට චෝදනා කිරීමේ කුහකත්වයෙන් මිදී, නීති විරෝධී සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම පිණිස,  රජයේ නව නීති වලට Bill Shorten සහය දැක්විය යුතු බවද අගමැතිවරයා Canberra නුවරදී අද (16/11) මාධ්‍යවේදීන් අමතා පැවසුවේය.

------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා  සජීවීව සහ පසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now