SKIP TO MAIN CONTENT

Breaking News : උතුරු කොරියානු නායකයාගෙන් Donald Trump ට නිල ආරාධනයක්.

Kim Jong-un has invited US President Donald Trump to formally meet.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

උතුරු කොරියාව සම්බන්ධව පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට උතුරු කොරියානු නායක  Kim Jong-un ඇමෙරිකානු ජනාධිපති  Donald Trump හට නිල වශයෙන් ආරාධනා කර තිබේ.

මේ බව මීට සුළු වෙලාවකට පෙර දකුණු කොරියානු ජාතික ආරක්ෂක උපදේශක Chung Eui-yong, ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.

න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම් තවදුරටත් සිදු නොකරන බවටත් න්‍යෂ්ඨික අවි හරණය  බවටත් උතුරු කොරියානු නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බව එම නිවේදනයේ සඳහන් විය.

උතුරු කොරියානු නායක  Kim Jong-un ගේ මෙම නිල ආරාධනාව ඇමෙරිකානු ජනාධිපති  Donald Trump පිළිගෙන ඇති අතර එළඹෙන මැයි මාසයට පෙර ඔහුව හමුවීමට තමන් කැමති බව ප්‍රකාශ කර තිබේ.

Trump agrees to meet with North Korea's Kim Jong-un
Source: Twitter

නමුත් උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන් නතර කරන තෙක් ඔවුන් වෙත පනවා ඇති සම්බාධක වල කිසිදු වෙනසක් සිදු නොකරන බවද ඇමෙරිකාව ප්‍රකාශ කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now