SKIP TO MAIN CONTENT

BREAKING NEWS : පාර්ලිමේන්තුව 5 දා රැස්වෙයි. නිල අගමැති පුටුව මහින්දට දීමට එකඟ වෙයි.

PM Mahinda Rajapaksha_SL Parliament
PM Mahinda Rajapaksha_SL Parliament Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කොට ඇති බව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ සම්බන්දව නිල නිවේදනයක් තවමත් නිකුත්කොට නැතත් අද දිනයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කොට ඇති බව වාර්තා වේ.

අගමැති තනතුර වෙනස්වීමට පෙර සිටම පාර්ලිමේන්තු සභාවාර දින දර්ශනයට අනුව එළඹෙන නොවැම්බර් 5වනදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබිණ. එහෙත් ඇතිවුණු දේශපාලන විපර්යාස හමුවේ එය ලබන 16 වනදා දක්වා කල් තැබීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එහෙත් එය යලිත් නියමිත පරිදි පැවැත්වීමට මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

මේ අතර මීළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවේ අගමැති වරයාට හිමි නිල ආසනය නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට ලබාදීම සඳහා කතානායක විසින් කටයුතු සූදානම් කරන බව කතානායක නිල කාර්යාලය ප්‍රකාශ කොට තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now