SKIP TO MAIN CONTENT

Breaking News: ජංගම දුරකතනයකට වඩා විශාල කිසිදු ඉලෙක්ට්‍රොනික් උපකරණයක් අමෙරිකාවට පැමිණෙන මගී ගුවන් යානයක ගෙන යාම තහනම් කෙරේ.

US to ban devices larger than a phone on flights from 13 countries:
Source: AP

1 min read

Published

Source: SBS News



Skip to article content

ජංගම දුරකතනයකට වඩා විශාල ප්‍රමාණයේ කිසිදු ඉලෙක්ට්‍රොනික් උපකරණයක් අමෙරිකාවට පැමිණෙන මගී ගුවන් යානයක මගී කුටියේ (Passenger Cabin) නොගෙන එන ලෙස හදිසි නියෝගයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගමනාගමන ආරක්ෂණ පාලනාධිකාරිය නිකුත් කර තිබෙන බව Guardian පුවත්පත නිවේදනය කරයි.

රටවල් 13කින් ඇමෙරිකාවට පැමිණීමේදී මෙමෙ වාරණය අදාළ වන බව වාර්තා වේ.

ඒ අනුව අදාළ රටවල 13 සිට යම් ගුවන් මගියෙකු ඇමෙරිකාවට පැමිණෙනවානම් ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, ගේම් උපකරණ, කැමරා වැනි දෑ ගුවන් යානයේ මගී කුටියේ රැගෙන ඒමට නොහැකි වනු ඇත.

ගුවන් සේවා වලට “රහසිගතයි” යනුවෙන් සඳහන් කෙරුණු ඊමේල් පණිවිඩයක් හරහා ඊයේ (20/03) මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් මෙම තීරනය ගත් බවත් මෙය ක්‍රියාත්මක කිරීමට ගුවන් සේවා සඳහා පැය 96 ක කාලයක් ලබා දී ඇති බවත් සඳහන්.

මෙසේ වාරණයට ලක් කෙරුණු රටවල් 13 තවමත් හෙළිවී නොමැති නමුත් ජෝර්දානය සහ සවුදි අරාබිය එම ලැයිස්තුවේ ඇති බවට සැක පහළ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now