බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ඉලක්ක කරමින් බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය එළිදැක්වූ ප්‍රතිපත්ති මාලාව එරට කම්කරු පක්ෂයේ නායක Jeremy Corbyn විවේචනය කරයි.
එළඹෙන නත්තලට පෙරාතුව Brexit ගනුදෙනුව පිළිබඳ යෝජනාව නැවතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය අගමැති Boris Johnson පොරොන්දුවී තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සම්බන්ධ ක්‍රියාත්මක වන සමීක්ෂණ වලට අනුව Boris Johnson නායකත්වය ලබා දෙන කොන්සර්වේටිව් පක්ෂය, කම්කරු පක්ෂයට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටින බවද සඳහන්.
නමුත් කම්කරු පක්ෂයේ නායක Jeremy Corbyn, Brexit පොරොන්දු පිළිබඳව ප්‍රතික්ෂේප කරන අතර කොන්සර්වේටිව් පක්ෂය එළිදැක්වූ ප්‍රතිපත්ති මාලාව පසුගිය වර එකට බොහෝ සමාන බව පැවසුවේය.
නමුත් කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව සතුව විකල්ප රැසක් ඇති බවද කම්කරු පක්ෂයේ නායක Jeremy Corbyn පැහැදිලි කළේය.
එළඹෙන දෙසැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණය මෑත කාලයේ පැවැත්වෙන අතිශය වැදගත් මහ මැතිවරණයක් බව බ්‍රිතාන්‍ය අගමැති Boris Johnson පවසයි.

