SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක්.

British Parliament cyber-attack
Source: Press Association

1 min read

Published

By Madhura Seneviratne

Source: BBC



Skip to article content

පසුගිය සිකුරාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් එහි විද්‍යුත් ලිපින ගිණුම් 90 කට බලපා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය භාවිත කරන මුළු සංඛ්‍යාව 9000 ක් බවත් එයින් 1% කට මෙම සයිබර් ප්‍රහාරය බලපා ඇති බවත් වාර්තා වේ.

මේ සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට සහ එහි සේවකයින් හට දුරස්ථව හිඳ තමන්ගේ ඊමේල් පණිවිඩ බැලීමට හෝ යැවීමට ඇති හැකියාව අත් හිටවූ බවද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පවසයි.

ආරක්ෂක හේතුන් මත එම තීරණය ගත් බවත් මෙසේ හැකර් ප්‍රහාරයට ලක්වීමට ප්‍රධානතම හේතුව අදාළ ගිණුම්වල දුර්වල රහස්‍ය වචන බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ නියෝජිතයෙකු පවසා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now