SKIP TO MAIN CONTENT

ලන්ඩන් නුවර Uber කුලී රථ සේවාවේ බලපත්‍රය අලුත් කිරීම බ්‍රිතාන්‍ය ප්‍රවාහන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි

لاجئ سوري في نيوكاسل:" الامطار اضطرتني للتوقف عن العمل كسائق اوبر ولم نجد مساعدة من أحد"
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලන්ඩන් නුවර Uber කුලී රථ සේවාවේ බලපත්‍රය නැවත අලුත් කිරීම බ්‍රිතාන්‍ය ප්‍රවාහන අධිකාරිය ප්‍රතික්ෂේප කර තිබේ.

කුලී රථ මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු හේතුවෙන් මෙම තීරණය ගත් බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන අධිකාරිය පවසයි.

මගීන්ගේ ආරක්ෂාව දැඩි අවදානම් තත්ත්වයකට හෙළා කටයුතු කිරීම පිළිබඳව පැමිණිලි අවස්ථා ගණනාවකදීම බ්‍රිතාන්‍ය ප්‍රවාහන අධිකාරියට ලැබී තිබේ.

මෙම තීන්දුවට එරෙහිව දින 21ක් ඇතුළත Uber ආයතනයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර අභියාචනය විභාගයට ගන්නා තෙක් Uber කුලී රථ සේවාව ලන්ඩන් නුවර ක්‍රියාත්මක කිරීමට අවසර ලැබෙනු ඇත.

ව්‍යාපාර සඳහා ලන්ඩන් නුවර සෑම විටම විවෘත වන නමුත් ඒ සියල්ලක්ම නීති සහ රෙගුලාසි වලට යටත් විය යුතු බව ලන්ඩන් නුවර නගරාධිපති Sadiq Khan පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now