SKIP TO MAIN CONTENT

හෙට (06/10) ඉදිරිපත් කෙරෙන ඔස්ට්‍රේලියාවේ අයවැයෙන් සංක්‍රමණ වැඩසටහනටත් අවධානය

Airport
Source: Pixabay

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ඉදිරි වසරේදී කොරෝනා වෛරසය සඳහා එන්නත් නිපදවීම පිළිබඳව බලාපොරොත්තු වන බව හෙට (06) දිනට නියමිත අයවැය පිළිබඳව තොරතුරු සඳහන් කරමින් ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කොට තිබේ.

වසර 29 කට පසු ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට පත්ව ඇති අතර මේ හේතුවෙන් ඩොලර් බිලියන 200 ක පමණ වාර්තාගත මුල්‍ය හිඟයක් පුරෝකථනය කෙරේ.

එළඹෙන අයවැය මගින් ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගාසිටුවීම මෙන්ම විශේෂයෙන්ම සංක්‍රමණික ප්‍රතිපත්තීන් පිළිබඳව අවධානය යොමු කරන බව භාණ්ඩාගාරිකවරයා සඳහන් කොට තිබේ.

මේ අනුව විදේශයන්හි සිටින, හඳුනාගත් පිරිස සඳහා ඔස්ට්‍රේලියාව තුල ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර ලබාදීම, මානුෂීය වැඩසටහන් මෙන්ම ඕස්ට්‍රේලියාවේ ශක්තිමත් ප්‍රභවයක් වන සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳවද අවධානය යොමු කරන බව Josh Frydenberg සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now