කොරෝනා වයිරසය නිසා කඩා වැටී ඇති ඕස්ට්‍රේලියානු කුඩා ව්‍යාපාර සදහා රජය ලබා දෙන සහන

කොරෝනා වයිරසය පැතිර යාමත් සමග ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුව ඇති බලපෑම් අවම කිරීමට බැංකු, මධ්‍යම හා ප්‍රාන්ත රජයන්ද කටයුතු කරමින් සිටී

Cafe owners letting staff go

Cafe owner letting staff go Source: Getty Images/fizkes


COSBOA නම් කුඩා ව්‍යාපාර පිළිබද ක්‍රියාකාරී සංවිධානය පවසන්නේ මේ තත්වය නිසා ඕස්ට්‍රේලියාවේ රැකියා විරහිත භාවය 10%ක අගයකට යනු ඇති බවයි. ඉදිරි මාස 6 තුල කුඩා ව්‍යාපාර වලට ඒ සදහා සුදානම් වීමට සිදු වේ. අකමැත්තෙන් වුවද ව්‍යාපාර වලට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව එම ව්‍යාපාරය වසා දැමීමේ තීරණය ගැනීමට සිදු වන බව එම සංවිධානයේ Peter Strong පවසයි

Centrelink queue
Australians queue at Centrelink during covid-19 pandemic. Source: Florent Rols / SOPA Images/Sipa USA
බ්‍රිස්බන් නුවර Nundah ප්‍රදේශයේ Ciao Gelato නම් ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ඉන්දික ලියනගේ පවසන්නේ ඔවුන් විසින් fit lato නම් මේද අඩු ice cream සුපිරි වෙළද සල් වලට සපයන බවයි . ඔවුන් තවත් Shlix Gelato නම් ව්‍යාපාරයක්ද දෙසැම්බර් මස මිලදී ගෙන තිබේ. මෙවන් තත්වයක් උදා වේ යයි නොසිතු බවයි ඔහු පවසන්නේ.

ඔහු පවසන්නේ සති 3ක් ඇතුලත ice cream වෙළද සලේ ආදායම අඩකින් අඩු වූ බව. එසේම ලගදී මිලට ගත් නිෂ්පාදන වල අලෙවිය 3නන් 2කින් අඩු වී තිබේ. ඒ නිසා ඔවුන්ගේ අනියම් සේවකයින් අඩු කොට ව්‍යාපාර ක්‍රම වේදය වෙනස් කිරීමට සිදු වන බව ඔහු පවසයි.

රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg පවසන්නේ මෙම ආර්ථික කම්පනය ඉතා ගැඹුරු , දීර්ඝ කාලීන එකක් වනු ඇති බවයි. රජය විසින් වාර්ෂික ආදායම මිලියන 50ට අඩු ව්‍යාපාර 690,000ක් සදහා ඔවුන්ගේ සේවකයින් තබා ගැනීමට බදු රහිත ඩොලර් 20000ත් 100,000ත් අතර දීමනාවක් ලබා ගැනීමට හැකි වේ.

එසේම වාර්ෂික ආදායම මිලියන 500ට අඩු ව්‍යාපාර වලට වත්කම් අත හැර දැමීම සදහා වන සීමාව මේ ජුනි මස අවසන් වන තුරු ඩොලර් 30,000 සිට 150,000 දක්වා ඉහල දමා ඇත. 

එසේම ව්‍යාපර ගොඩනැගිලි සදහා කුලී ගෙවීමෙදීද කුඩා ව්‍යාපාර හිමියන්ට ගැටළු ඇති විය හැකියි . නමුත් මේ වන විට ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු කර ඇති අතර , බැංකු විසින් නය වාරික ගෙවීම මාස 6කින් කල් දමෙම කුලී ගෙවීමේ ගැටළු ඇති වුව හොත් ඔබේ ප්‍රාන්තයේ Small Business Commissioner and this commissioner ගෙන් උපදෙස් ලබා ගත හැකියි , ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ සදහා Small Business Champion in Queensland පිහිටා තිබේ. එසේත් නැත්නම් Small Business and Family Enterprise Ombudsman කාර්යාලයෙන්ද ඔබට සහය ලබාගත හැකියි
Man fired from office
A lot of small business people do not like sacking their staff. Source: Getty Images
රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg පවසන්නේ මෙම ආර්ථික කම්පනය ඉතා ගැඹුරු , දීර්ඝ කාලීන එකක් වනු ඇති බවයි. රජය විසින් වාර්ෂික ආදායම මිලියන 50ට අඩු ව්‍යාපාර 690,000ක් සදහා ඔවුන්ගේ සේවකයින් තබා ගැනීමට බදු රහිත ඩොලර් 20000ත් 100,000ත් අතර දීමනාවක් ලබා ගැනීමට හැකි වේ.

එසේම වාර්ෂික ආදායම මිලියන 500ට අඩු ව්‍යාපාර වලට වත්කම් අත හැර දැමීම සදහා වන සීමාව මේ ජුනි මස අවසන් වන තුරු ඩොලර් 30,000 සිට 150,000 දක්වා ඉහල දමා ඇත.
එසේම ආධුනිකයන් සේවයේ යොදවන ව්‍යාපාර වලට ඔවුන්ගේ දීමනා සදහා රජයෙන් සහන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද තිබේ. ඒ අනුව ඔබට ගැලපෙන සහනය ලබා ගැනීමට ඔබේ ගණකාධිකාරී නිලධාරියා සමග සාකච්චා කොට එම වශය ඉල්ලුම් පත් යොදවන ලෙස Chartered Accountants Australia හි වරලත් ගණකාධිවරයෙකු වන Michael Crocker පවසයි.

එසේම payroll tax බදු සහනද ලබා දීමේ අවස්ථා ඇත. ඒ සදහාත් ඔබේ බදු නිලධාරියා ගෙන් උපදෙස් ගත හැකියි. Michael Crocker පවසන්නේ ඔබේ ලාභය අඩු වීම නිසා ඕස්ට්‍රේලියානු බදු කාර්යංශයට pAYG ගෙවීම් දැන් අඩුවෙන් ගෙවන්නට සිදුවන බව දැන්වීම අවශ්‍ය බවයි . ඒ අනුව මීට පෙර කාර්තු වල ඔබ ගෙවූ මුදල අතිරේක මුදලක් ලෙසද සලකිය හැකි බවද ඔහු පවසයි
s
Source: SBS

Share

Published

Updated

By Amy Chien-Yu Wang, Charitha Adikari
Source: SBS Settlement guide

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වයිරසය නිසා කඩා වැටී ඇති ඕස්ට්‍රේලියානු කුඩා ව්‍යාපාර සදහා රජය ලබා දෙන සහන | SBS Sinhala