ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාව තහනම් කරයි.

Burqa ban takes effect in Austria.

Source: DPA

ඔස්ට්‍රියාවේ මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව සහ නිකාබ් ඇඳුම ඇඳීම තහනම් කිරීමට ඔස්ට්‍රියා රජය තීරණය කර තිබේ. 

 

ඒ අනුව මින්පසු ඔස්ට්‍රියාවේ සිටින කිසිදු කාන්තාවකට නළලේ සිට නිකට දක්වා මුහුණ ආවරණය කරගෙන ප්‍රසිද්ධ ස්ථාන වල සිටීම තහනම් වේ.

 

තම රටේ සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියානු රජය පවසා ඇත.

මෙම නීතිය කඩ කරන්නන් හට යූරෝ 150 ක් දක්වා දඩ පැනවීමටද කටයුතු යොදා තිබේ.

 

ප්‍රංශය සහ බෙල්ජියම ද   2011 දී බුර්කාව ඇඳීම තහනම් කරන ලද අතර නෙදර්ලන්ත පාර්ලිමේන්තුව ද බුර්කාව තහනම් කිරීම සඳහා නීති සැකසීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now