වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ බටහිර ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වලට අද දිනයේ බරපතල ලැව් ගිනි අවදානම් තත්ත්ව ඇතිවන බවට අනතුරු ඇඟවීම්.

Bushfire warning for Victoria, South Australia & Western Australia

Source: AAP

වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා සහ බටහිර ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත වලට අද දිනයේ (10/01) බරපතල ලැව් ගිනි අවදානම් තත්ත්ව ඇතිවන බවට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය

අද දිනයේ වික්ටෝරියා ප්‍රාන්තයේ කලාප කිහිපයකටම බරපතල ලැව් ගිනි අවදානම් තත්ත්ව පවතින බව වාර්තා වේ.

එනිසාම මීට පෙර වික්ටෝරියා ප්‍රාන්තයටම නිකුත් කළ state of disaster තත්ත්වය තවමත් පවතින බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ කලාප වල උෂ්ණත්වය අද දිනයේ සෙල්සියස් අංශක 35 ඉක්මවා යන නමුත් අපර භාගයේදී වැසි ඇතිවන බව වාර්තා වේ.

එමෙන්ම වේගවත් සුළං සමග අකුණු ගැසීම්ද සිදුවිය හැකි බවට කාලගුණ කාර්යාංශය අනතුරු අඟවයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසාන දිග කලාපයේ ප්‍රදේශ දෙකක ජනතාවට ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසට මේ වන විට දැනුම් දී තිබේ.

Bushfire warning
Source: AAP

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

ඔස්ට්‍රේලියාවේ Kangaroo දූපතේ ඇතිවූ දරුණු ලැව් ගින්නෙන් අනතුරුව Parndana සහ Vivonne Bay යන නගර වලටද ලැව් ගිනි සම්බන්ධව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම Kangaroo දූපතේ පිහිටි Kingscote නගරවාසීන්ට ද ලැව් ගිනි පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම් සිදු කර ඇත.

මේ අතර එම කලාප සඳහා පැය 24 ක කාලයක් බලපැවැත්වෙන පරිදි total fire ban තත්ත්වයක් හෙවත් ගිනි ආශ්‍රිත ක්‍රියා සපුරා තහනම් කිරීමක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර  Kangaroo දූපත ආශ්‍රිතව මේ වන විට ඇතිවී ඇති අධික උෂ්ණත්වය සහ වේගවත් සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා හටගෙන ඇති ලැව් ගිනි මැඩපැවැත්වීම ගිනි නිවන භටයින්ට අභියෝගයක් වී ඇතැයි වාර්තා වේ.

කෙසේනමුත්, අද පස්වරුවේදී  Kangaroo දූපතට මද වැසි ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

Bushfire warning
Source: AAP

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග පර්ත් කලාපයට ද මේ වන විට හදිසි ලැව් ගිනි අවදානම් තත්ත්ව පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව Hopeland, Baldivis, Casuarina, Mardella සහ Oldbury යන ප්‍රදේශ වල ජනතාවට ලැව් ගිනි පිළිබඳ දැඩි විමසිල්ලෙන්  සිටින ලෙසත් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් නොපමාව කටයුතු කරන ලෙසත් බලධාරීන් දැනුම් දී ඇත.

අධික සුළං හේතුවෙන් ඇතිවී ඇති ලැව් ගිනි ඊසාන දිග කලාපයට පැතිරී යාමට බොහෝ දුරට ඉඩ ඇති බවට අනුමාන කෙරේ.

මේ වන විට ඇතිවී ඇති වේගවත් සුළං තත්ත්වය, ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින්ට විශාල අභියෝගයක් වී ඇතැයි බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂක Ray Buchan පවසයි.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now