SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ Superannuation ගෙවීම් ක්‍රමයට විශාල වෙනස්කමක්, ඔබේ Super මුදල්වලට වෙන්න යන දේ මෙන්න

2026 ජූලි 1 වන දින සිට, සේවා යෝජකයන්ට තම සමාගම් හෝ ආයතනවල වැටුප් ගෙවනවාත් සමඟම ඔවුන්ගේ සේවකයින්ගේ super මුදල් ගෙවීමටද අවශ්‍ය වනු ඇත.

Businesses to be forced to pay superannuation on payday
Businesses to be forced to pay superannuation on payday Source: iStockphoto

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

ඔස්ට්‍රේලියාවේ superannuation ගෙවීම් සඳහා විශාල වෙනසක් කිරීමට වත්මන් කම්කරු පක්ෂ රජය තීරණය කර තිබේ.

ඒ අනුව සේවකයින්ට වැටුප් ගෙවන දිනයේදීම superannuation ගෙවීම්ද සිදුකළ යුතු බවට කම්කරු පක්ෂ රජය කියා සිටී.

වැටුප් ගෙවන දිනයේදීම super මුදල් ගෙවීම

2026 ජූලි 1 වන දින සිට, සේවා යෝජකයන්ට තම සමාගම් හෝ ආයතනවල වැටුප් ගෙවනවාත් සමඟම ඔවුන්ගේ සේවකයින්ගේ super මුදල් ගෙවීමටද අවශ්‍ය වනු ඇත.

මෙම වෙනස ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය ශක්තිමත් කරන බවත් ඔස්ට්‍රේලියානු සේවකයන්ට වඩා ගෞරවාන්විත විශ්‍රාම දිවියක් ලබා දීමට උපකාරී වනු ඇති බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

වැටුප් ගෙවන දිනයේදීම super මුදල් ගෙවීම්ද සිදු කිරීමෙන් දැනට තම super මුදල් කාර්තුමය වශයෙන් සහ වැටුප් දෙසතියකට වරක් ලබන 25-හැවිරිදි මධ්‍ය ප්‍රමාණයේ ආදායම් ලබන්නෙකුට විශ්‍රාම යාමේදී ඩොලර් 6,000ක් හෝ 1.5%ක් පමණ අමතර මුදලක් ලැබෙන වඩා විශ්‍රාම දිවියක් ලැබිය හැකි බව පැවසේ.

අත්වන ප්‍රතිලාභ

නිතර නිතර සිදුවන super මුදල් ගෙවීම් නිසා සේවා යෝජකයන්ගේ වැටුප් කළමනාකරණය ආශ්‍රිත ඔවුන්ගේ වගකීම් ගොඩගැසීම අඩු කරන බවද මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව වැටුප් ගෙවන දිනයේදීම super මුදල් ගෙවීම මගින් සේවකයින්ට ඔවුන්ගේ ගෙවීම් පිළිබඳ වාර්තා තබා ගැනීම පහසු කරවන අතර, අපකීර්තිමත් සේවා යෝජකයින් විසින් සේවකයින්ව සූරා කෑමට ලක් කිරීම අපහසු කරයි.

මෙම වෙනස විශේෂයෙන් අඩු වැටුප් ලබන, අනියම් (casual) සහ අනාරක්ෂිත රැකියාවල නියුතු අයට ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

super මුදල් කලකට පසුව ගෙවන විට ඔවුන්ව මග හැරීමට වැඩි ඉඩක් ඇත. මෙම කණ්ඩායම තුළ කාන්තාවන් වැඩිපුර නියෝජනය වේ.

බොහෝ සේවා යෝජකයින් super මුදල් ගෙවීම් නිවැරදි අයුරින් කරන නමුත් ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3.4 ක් වටිනා super මුදල් 2019-20 දී සමාගම් හා ව්‍යාපාර විසින් නොගෙවා ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) ඇස්තමේන්තු කර ඇත.

ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරය සහ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මෙම වසරේ දෙවන භාගයේදී මෙම වෙනස්කම් පිළිබඳව කර්මාන්ත සහ අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.

මෙම වෙනස්කම 2026 ජුලි 1 සිට ක්‍රියාත්මක කිරීමට යාමේ තීරණය නිසා සේවා යෝජකයන්ට, superannuation අරමුදල්වලට, වැටුප් සපයන්නන්ට සහ superannuation පද්ධතියේ අනෙකුත් කොටස්වලට මෙම වෙනස සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now