SKIP TO MAIN CONTENT

අවසන් එක්දින තරගයේදී දකුණු අප්‍රිකාවට ලංකාවෙන් දැවැන්ත කනේ පහරක්.

SL vs SA 2018
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (12/08) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 178 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානු පිල හමුවේ පැවැති එක්දින තරගයකදී ලබාගත් දෙවැනි විශාලතම ජයග්‍රහණය ලෙසද වාර්තා වේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් ලබාගත්තේය.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 43 ක්ද ලබා ගත්තේය.

ලකුණු 300 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 24 යි පන්දු 4 කදී ලකුණු 121 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

එහිදී අකිල ධනංජය ලකුණු 29 කට කඩුලු 6 ක් බිඳ දමමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර ඔහුගේ එක් දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසද එය වාර්තා විය.

තරගයේ වීරයා සම්මානය අකිල ධනංජය ට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ J.P Duminy හට හිමිවිය.

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක් දින තරගාවලිය මේ අනුව තරග 3-2 ක් ලෙස දකුණු අප්‍රිකාව විසින් ජයගනු ලැබීය.

දෙපිල අතර පැවැත්වෙන එකම 20-20 තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (14/08) දිනයේ රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now