SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් යාමට හතුරුසිංහට පාර කැපෙයි.

Hathurusinghe needs to renegotiate contract if he wants to return
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තාවකාලික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා පත්කිරීමට තීරණය කර තිබේ.

චන්දික හතුරුසිංහ මහතා හට ඩොලර් 40,000 ක මුදලක් වැටුප ලෙස ගෙවන බවත් එම වැටුප අඩුකර සහ ඔහුගේ කොන්ත්‍රාත්තුව නැවත සකස් කිරීම සඳහා සාකච්ඡා පවත්වන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දුන් බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ මාධ්‍ය වෙත පැවසුවේය.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ හතුරුසිංහ මහතා අතර පැවැති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන්  ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් හතුරුසිංහ මහතා ඉවත් කිරීමට තීරණය වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ බංග්ලාදේශයට එරෙහිව තරගාවලියෙන් පසුව හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමට නියමිතව තිබුණ ද ඔහුව නවසීලන්ත සංචාරය අවසන් වනතුරු ඉවත් නොකරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කළේය.

නමුත් හතුරුසිංහ මහතා කොන්ත්‍රාත්තුව වෙනස් කිරීමට කිසිදු නම්‍යශීලීත්වයක් නොදක්වන හෙයින් ඔහුව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදුණු බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now