SKIP TO MAIN CONTENT

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුවට ඇඳිරි නීතිය, සමාජ ජාල මාධ්‍ය නැවතත් අවහිර කරයි.

Sri Lanka government updated the schedule for curfew
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ‍ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඊයේ (05/05) පස්වරුවේ මෙම නොසන්සුන් තත්ත්වය හටගත් අතර මේ වන විට පොලීසිය හා ආරක්ෂක අංශ මැදිහත්ව ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති බව වාර්තා වේ.

මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුංගල්පිටිය හා කටාන යන පොලිස් වසම්වලට මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද (06/05) උදෑසන 7 දක්වා‍ මෙය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම සිද්ධියත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාජ ජාල නැවතත් අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය පියවරගෙන තිබේ.

අසත්‍ය ප්‍රචාර පතුරුවහැරීම වළකාලීමේ අරමුණින් එය සිදුකළ බව රජය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now