SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

Scott Morrison's new cabinet sworn in
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍යවරයා ලෙස තේරී පත්වූ Scott Morrison ගේ නව කැබිනට් මණ්ඩලය අද (28/08) දිවුරුම් දුන්නේය.

ස්වදේශ පිළිබඳ අමාත්‍ය Peter Dutton ඊයේ (27/08) දිනයේදී තම ධුරයේ දිවුරුම් දුන්නේය.

අග්‍රාමත්‍ය Scott Morrison ගේ නව කැබිනට් මණ්ඩලය පසුගිය ඉරිදා පස්වරුවේ නම් කෙරුණු අතර කැබිනට් මණ්ඩලයේ හිටපු ඇතැම් අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිව ඇති අතර ඇතැමුන්ට කැබිනට් අමාත්‍ය ධුර අහිමිව ගොස් තිබේ.

මීට අමතරව ඇතැම් කැබිනට් මන්ත්‍රීධුර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කොට තිබේ.

අග්‍රාමත්‍ය Scott Morrison ගේ රජයේ සියලු අමාත්‍යවරු 41  සිටින අතර ඉන් 23 දෙනෙකුම කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි.

Scott Morrison's new cabinet sworn in
Liberal MP Peter Dutton is sworn in as Home Affairs Minister by Australian Governor-General Sir Peter Cosgrove. Source: AAP

හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් හට නායකත්ව අභියෝගය එල්ල කළ හිටපු ස්වදේශ කටයුතු ඇමති Peter Dutton හට නැවතත් එම ධුරයම ලබා දී තිබේ.

නමුත් ඔහුගේ යටතේ තිබු ආගමන කටයුතු විෂයය David Coleman හට ලබා දී තිබේ.

David Coleman හට ආගමන කටයුතු පිළිබඳ පැතිකඩයන් කිහිපයකින්ම අවබෝධයක් තිබෙන හෙයින් තමන් ආගමන කටයුතු විෂයය ස්වදේශ කටයුතු ධුරයෙන් වෙන්කරමින් David Coleman හට ලබා දීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now