ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.

Scott Morrison's new cabinet sworn in

Source: SBS

ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍යවරයා ලෙස තේරී පත්වූ Scott Morrison ගේ නව කැබිනට් මණ්ඩලය අද (28/08) දිවුරුම් දුන්නේය.

ස්වදේශ පිළිබඳ අමාත්‍ය Peter Dutton ඊයේ (27/08) දිනයේදී තම ධුරයේ දිවුරුම් දුන්නේය.

අග්‍රාමත්‍ය Scott Morrison ගේ නව කැබිනට් මණ්ඩලය පසුගිය ඉරිදා පස්වරුවේ නම් කෙරුණු අතර කැබිනට් මණ්ඩලයේ හිටපු ඇතැම් අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිව ඇති අතර ඇතැමුන්ට කැබිනට් අමාත්‍ය ධුර අහිමිව ගොස් තිබේ.

මීට අමතරව ඇතැම් කැබිනට් මන්ත්‍රීධුර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කොට තිබේ.

අග්‍රාමත්‍ය Scott Morrison ගේ රජයේ සියලු අමාත්‍යවරු 41  සිටින අතර ඉන් 23 දෙනෙකුම කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි.
Scott Morrison's new cabinet sworn in
Liberal MP Peter Dutton is sworn in as Home Affairs Minister by Australian Governor-General Sir Peter Cosgrove. Source: AAP
හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් හට නායකත්ව අභියෝගය එල්ල කළ හිටපු ස්වදේශ කටයුතු ඇමති Peter Dutton හට නැවතත් එම ධුරයම ලබා දී තිබේ.

නමුත් ඔහුගේ යටතේ තිබු ආගමන කටයුතු විෂයය David Coleman හට ලබා දී තිබේ.

David Coleman හට ආගමන කටයුතු පිළිබඳ පැතිකඩයන් කිහිපයකින්ම අවබෝධයක් තිබෙන හෙයින් තමන් ආගමන කටයුතු විෂයය ස්වදේශ කටයුතු ධුරයෙන් වෙන්කරමින් David Coleman හට ලබා දීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.





Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි. | SBS Sinhala