ජුනි මාසයේ ඕස්ට්‍රේලියාව තුල සැලකිය යුතු රැකියා වර්ධනයක් (SBS සිංහල / වාර්තා)

File image of workers at the Downer EDI Rail plant in Maryborough.

Job figures for January, to be released this week, are expected to show modest growth. (AAP) Source: AAP

පසුගිය ජුනි මාසය තුල ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා 50,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බව ABC වෙබ් අඩවිය වාර්තා කර තිබේ. පසුගිය වසරේ අගදී වාර්තා වූ රැකියා අවස්ථා වර්ධනයට පසු වාර්තා වූ වැඩිම රැකියා අවස්ථා වර්ධනය පසුගිය ජුනි මාසයේදී වාර්තා වී ඇති බව මෙම වාර්තාව වැඩි දුරටත් සදහන් කරයි.

ස්ථිර රැකියා අවස්ථා 41,200 ක ප්‍රමාණයක්ද අර්ධ කාලීන රැකියා අවස්ථා 9700ක ප්‍රමාණයක්ද පසුගිය ජුනි මාසය තුල නිර්මාණය වී ඇති බව සදහන්. එමෙන්ම ජුනි මාසය තුලද විරැකිය ප්‍රතිශතය 5.4ක් ලෙස නොවෙනස්ව පවතින බව වැඩි දුරටත් වාර්තා වෙයි.

වසර 30කට පසුව ශ්‍රම බලකායට වාර්තාගත තරුණ තරුණියන් සංඛ්‍යාවක්

Smiling Young hispanic female kitchen worker looking at the camera Young hispanic female kitchen worker
Smiling Young hispanic female kitchen worker looking at the camera Source: Getty Images

මේ අතර මේ පිලිබදව අදහස් දක්වමින් භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පවසන්නේ, තරුණ විරැකියා ප්‍රතිශතය පහල වැටීම ඉතා සුභදායි කාරණයක් බවයි. තරුණ විරැකියා ප්‍රතිශතය 11.3 දක්වා අඩු වී ඇති අතර, 2012 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ පහලම අගය මෙය බව සදහන්. භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් මහතාට අනුව පසුගිය මුල්‍ය වර්ෂය තුල තරුණ තරුණියන් 95,200ක් ශ්‍රම බලකායට එක්ව ඇති අතර, වසර 30කින් ශ්‍රම බලකායට එක්වූ වැඩිම තරුණ පිරිස මෙය බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල වැඩි රැකියා වර්ධනයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල රැකියා අවස්ථා 27,300 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල රැකියා අවස්ථා 14,800 ක්ද ජුනි මාසය තුල නිර්මාණය වී ඇති බව සදහන්. වික්ටෝරියානු ප්‍රාන්තය තුල ජුනි මාසය තුල නිර්මාණය වී ඇති රැකියා ප්‍රමාණය 6,600ක් බව වාර්තා වෙයි.


2 min read

Published

By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now