අය වැය හිඟය
ලබන වසරේ ප්‍රකාශිත අය වැය හිඟය ඩොලර් බිලියන 37.1 ක් බවට වාර්තා වේ
මෙය ඉතිහාසයේ පස් වැනි ඉහලම අය වැය හිඟයයි
නමුත් බදු හා superannuation තුලින් ඩොලර් බිලියන 16.5ක් පියවා ගැනීමට රජය බලා පොරොත්තු වෙනවා
විදේශ ආධාර
විදේශ ආධාර ඩොලර් මිලියන 224 කින් අඩු කොට ලබන වසරේ විදේශ ආධාර බිලියන 3.8ක් කොට තිබේ
මෙය ජාතික ආදායමෙන් සෑම ඩොලර් 100කට ශත 22ක් ලෙස වාර්තාගත අඩුම විදේශ ආධාර මුදලයි
නමුත් පපුව නිව් ගිනියාවට මෙය බලපා නැහැ
ASIO
ASIO ආයතනය ට ඩොලර් මිලියන 15ක ප්‍රතිපාදන කප්පාදුවක්
විදේශ සම්බදතා
වසර 5ක් තුල Lae, පැපුවා නිව් ගිනි ,හා චීනයේ කොන්සල් කාර්යාල සඳහා ඩොලර් මිලියන 42.3ක් වෙන් කෙරේ
Kiev, යුක්රේනය හි තාවකාලික තානාපති කාර්යාල 2016 සැප්තැම්බර් දක්වා පැවැත්වේ
ChAFTA ගිවිසුම සමග චීනය හා නව ආයෝජන සම්බදතා වර්ධනය කෙරේ
එසේම ද්විත්ව පුරවැසියන්ට ඔවුන්ගේ අනෙක් පුර වැසි භාවය ඇති රටේදී ඕස්ට්‍රේලියානු කොන්සල් සේවා නතර කිරීමෙන් රජය මුදල් ඉතිරි කර ගැනීමට තීරණය කොට තිබේ
සරණාගත රඳවා තබා ගැනීම්
සරණාගත රඳවා තබා ගැනීම් අඩු කිරීමෙන් ඩොලර් මිලියන 70ක් ඉතිරි කර ගැනීමට රජය සැරසේ
පර්ත් නුවර residential housing, Maribyrnong , Blaxland රැඳවුම් කඳවුරු වසා දැමීමෙන් ඩොලර් මිලියන 68.2ක ඉතිරියක්
ඩාවින් හි Wickham Point කඳවුරේ බද්ද දීර්ඝ නොකෙරේ
Christmas දූපතේ North west point කඳවුර වසර 2018 ජනවාරි සිට අහෝසිවේ
දුම්කොළ ආශ්‍රිත
දුම්කොළ ආශ්‍රිත රෙගු ගාස්තු 12.5% කින් වසර 2020 වන තුරු සෑම වසරකම සැප්තම්බර් 1 වැනිදා ඉහළ යයි
2017 ජූල්ය් 1 සිට දුම්කොළ සඳහා වන තීරු බදු රහිත දුම්වැටි 50 අගය දුම්වැටි 25 දක්වා අඩු කෙරේ
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ඩොලර් මිලියන 7.7 ක් වෙන් කොට දුම්කොළ ජාවාරම් පාලනය කෙරේ
SBS හා ABC මාද්‍ය ආයතන
වසර 3ක් තුල ඩොලර් මිලියන 814.2ක් වසර 2016-17 සිට SBS ආයතනයටද ABC ආයතනයට ඩොලර් බිලියන 3.1ක්ද ලබා දේ
දේශය කාලීන පුවත් සඳහා ABC ආයතනයට මිලියන 41ක්ද SBS ආයතනයටමිලියන 7ක්ද හිමිවේ
මෙය වසර තුනක් තුල රුපවාහිනි, ගුවන් විදුලි හා අන්තර්ජාල සේවා සඳහා වෙන් කෙරේ
වයෝ වෘද හමුදා සේවකයන්
වයෝ වෘද හමුදා සේවකයන් ගේ ආභාධ තත්ත්ව සඳහා මාස තුනකින් දින පිටුපසට ගැනීමේ පසුගිය රජයේ යෝජනාව අහෝසි කෙරේ
ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සේවා සඳහා ඩොලර් මිලියන 37.8 ක ප්‍රතිපාදන වෙන් කොට ඇත

