බාලගිරි දෝෂයට ලක්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඊයේ (21/02) දිනයේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු භාණ්ඩාගාරික වූ තිලංග සුමතිපාල පාර්ශවය නියෝජනය කළ ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27 කින් තේරී පත්විය.
එහි ලේකම් ධූරයට හිටපු සභාපතිවරයකු වූ තිලංග සුමතිපාල පාර්ශවය නියෝජනය කළ මොහාන් ද සිල්වා මහතා පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති මෙම නිලවරණයෙන් පත්වූ ධුර 2021 දක්වා වන වසර දෙකක කාලපරිච්ජේදය සඳහා වලංගු වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට ශම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු තරග කළ අතර එහිදී ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ද ධර්මදාස මහතා ඡන්ද 56 ක්ද ලබාගත්තේය.
උප සභාපති ධූර දෙක සඳහා තිලංග සුමතිපාල පාර්ශවය නියෝජනය කළ රවීන් වික්‍රමරත්න (ඡන්ද 82) සහ රණතුංග පාර්ශවය නියෝජනය කළ කේ. මතිවානන් (ඡන්ද 80) යන මහත්වරු වැඩි ඡන්දයෙන් තේරීපත්වූහ.
උප සභාපති ධූරයට තරග කළ අර්ජුණ රණතුංග මහතා ට හිමිවුයේ ඡන්ද 72 කි.
ඒ අනුව මතිවානන් මහතා ‘රණතුංග’ පාර්ශවයෙන් ජය ලැබූ එකම නිලධාරියා බවට පත් විය.
මෙම නිලවරණයේදී පත්කරගත් ප්‍රධාන තනතුරු හයෙන් පහකටම ‘සුමතිපාල’ පාර්ශවය නියෝජනය කළ නිලධාරීන් පත්වීම කැපී පෙනෙන සිදුවීමකි.
සභාපති ධූරයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් පසුව අවසන් මොහොතේ ලේකම් ධූරයට තරග කිරීමට අවස්ථාව ලැබූ තිලංග සුමතිපාල පාර්ශවයේ මොහාන් ද සිල්වා මහතා ඡන්ද 96 ක් ලබා වැඩි ඡන්ද 53 කින් ජය ලැබීම කැපී පෙනුණි.
මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රතිවාදියා වූ නිශාන්ත රණතුංග මහතාට ඡන්ද 43 ක් පමණක් හිමිවිය.
භාණ්ඩාගාරික ධුරයට පළමු වරට ඉදිරිපත් වූ ලසන්ත වික්‍රමසිංහ මහතා ඡන්ද 100 ක් ලබා ගැනීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ප්‍රතිඵල
- සභාපති - ශම්මි සිල්වා
- උප සභාපතිවරු - රවීන් වික්‍රමරත්න , කේ. මතිවානන්
- ලේකම් - මොහාන් ද සිල්වා
- භාණ්ඩාගාරික - ලසන්ත වික්‍රමසිංහ
- උප ලේකම් - ක්‍රිෂාන්ත කපුවත්ත
- උප භාණ්ඩාගාරික - ලලිත් රඹුක්වැල්ල

