SKIP TO MAIN CONTENT

Manus දූපත තුල සිය දිවි නසා ගැනීමට තැත් කල සරණාගතයෙකු 'සිර කූඩුවට'

Authorities respond to one of the two suicide attempts
Authorities respond to one of the two suicide attempts Source: SBS news

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

ඉරාන සම්භවයක් ඇති සරණාගතයෙකු Manus දූපත තුල දී පසුගිය අඟහරුවාදා සිය දිවි නසා ගැනීමට තැත් කර තිබෙන අතර ඔහු නැවත යෝග්‍ය සෞඛ්‍යය තත්වයකට පත් වන තුරු පොලිස් සිර කූඩුවක රඳවා තිබෙයි.

Refugee Action Coalition සංවිධානයේ ප්‍රකාශකයෙකු වන Ian Rintoul පවසා සිටියේ Manus දූපතෙහි සෞඛ්‍යය කටයුතු භාරව සිටින Pacific International Hospital ආයතන පරිශ්‍රයෙහි ප්‍රතිකාර සඳහා නිසි පහසුකම් නොතිබීම නිසා ඔහුව පොලිස් සිර කූඩුවක රඳවා තැබීමට බලධාරීන්  පියවර ගත් බවයි.

Rintoul තවදුරතත් පවසා සිටියේ සෝමාලියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු ද පසුගිය බදාදා දින සිය දිවි නසා ගැනීමට තැත් කර තිබෙන අතර ඔහු දැනට සෞඛ්‍යය පහසුකම් ඇති ස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මෙම සිද්ධීන් තුළින් දැනට Manus දූපතෙහි ඇති හදිසි මානසික සෞඛ්‍යය තත්වය පිළිබිඹු වන බව හා ඔස්ට්‍රේලියානු රජය විසින් මෙය වැලැක්වීමට පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now