සෙනසුරාදා ඕස්ට්‍රේලියානු අතුරු මැතිවරණය : සංක්‍රමණ නීති පිලිබඳ ආණ්ඩු පක්ෂය හා විපක්ශය මත ගැටුමක

shorten

Source: AAP

මේ සෙනසුරාදා පැවැත්වෙන අතුරු මැතිවරණයේදී රජය හා විපක්ෂය විසින් ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීති පද්ධතිය පිලිබදව පවසා ඇති කරුණු නිවැරදි නොවන බවට බොහෝ දෙනාගේ මතයයි.

Australian Chamber of Commerce හි ප්‍රධානී James Pearson පවසන්නේ දෙපාර්ශ්වයම වැරදි කරුණු මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි . එමගින් ජනතාව නොමග යැවීමක් සිදු වන බව ද ඔහු පවසයි

Turnbull රජය පැවසුවේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමිකයන් පැමිණීම අඩු වීම ට හේතුව රජය විසින් වංචා සහගත සංක්‍රමිකයන් පැමිණීම පාලනය කරන නිසා බව.

නමුත් ඊට පිළිතුරු ලෙස කම්කරු පක්ෂය පවසන්නේ මිලියන 1.6ක් ජනයා ඕස්ටේලියාවේ තාවකාලික වීසා වල සිටින බවයි. තාවකාලික වීසා අපයෝජනයක් රජය සිදු කරන බවයි . මේ නිසා ඔස්ට්‍රේලියාව තුල ඕස්ට්‍රේලියානුවන්ට රැකියා හිඟයක් ඇති වන බවද ඔවුන් පවසයි .

මේ නිසා කාලයක් පැවති ඕස්ට්‍රේලියානු පක්ෂ විපක්ෂ බේදයක්  නොමැතිව පැවති  සංක්‍රමණ පද්දතියටද බලපෑමක් ඇතිව තිබේ

සැබවින්ම මිලියන 1.6ක තාවකාලික වීසා ලාබීන් සිටීද?

රාජ්‍ය භාණ්ඩාගාරික Scott Morrison පවසන්නේ තාවලාකික වීසා සංඛ්‍යාව පිළිබද විපක්ෂ නායකවරයා අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි

කම්කරු රාජ්‍ය සමයට වඩා තාවකාලික වීසා 20%ක් අඩු වී ඇති බව ඔහු පවසයි.

කම්කරු පක්ෂය පවසන මෙම අගය පැමිණ තිබෙන්නේ , ශිෂ්‍ය වීසා, holiday වීසා ලාබීන් හා නවසීලන්ත ජාතිකයන්ද අතුලුවයි . Migration Council හි Carla Wilshire පවසන්නේ එසේ පුළුල් වීසා කාණ්ඩ රැසක් එක් කොට අගයක් පැවසීම

ජනතාව නොමග යැවීමක් බවයි

නමුත් කම්කරු පක්ෂය පවසන්නේ අන්තර්ජාතික ශිෂ්‍ය වීසා ලාබීන් ද අධ්‍යාපනය ලබනවා වෙනුවට රැකියා වල නිරත වීම සිදු කරන බවයි

The Migration Council පවසන්නේ බදු කාර්යාංශය හා සංක්‍රමණික දත්ත එක් කිරීම එම ගැටලුවට යම් විසදුමක් සපයන බවයි

ජුලි 28 වැනිදා අතුරු මැතිවරණ පැවැත්වෙන ස්ථාන

by
Source: SBS

නමුත් මේ ගැටළු වලට කම්කරු පක්ෂය කුමන විසදුම් ලබා දේද යන්න තවම පවසා නැහැ

 

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News, SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now