SKIP TO MAIN CONTENT

සිංහයින් සහ කැන්ගරුවන් ගේ රෝස පන්දු යුද්ධය අදයි.

Sri Lanka tour of Australia 2018/19
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය අද (24/01) දිනයේ  බ්‍රිස්බන් නුවර Gabba ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද පස්වරු 2ට ආරම්භ වේ.

අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලියකදී මුණ ගැසුණේ 2016 වසරේ අගෝස්තු මාසයේදී වන අතර එහිදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව 3-0 ක් ලෙස සමස්ත ටෙස්ට් තරගාවලියම ජයගත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව සමස්ත ටෙස්ට් තරගාවලියක්ම ජයගැනීමේ වාර්තාවද තබමිනි.

මෙය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙන නිසාවෙන් මේ සඳහා රෝස පැහැති පන්දුව යොදාග ගනී.

බ්‍රිස්බන් Gabba ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ දක්වා ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වී ඇති අතර ඉන් එක් තරගයක් පරාජයට පත්වී අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත්වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා ටෙස්ට් තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් තරග 4 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව තරග 17 ක් පරාජයට පත්ව ඇති අතර තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

මේ දක්වා ශ්‍රී ලංකාව දිවා රාත්‍රී ටෙස්ට් තරග 2 කට සහභාගී ඇති අතර එම තරග 2කම ජයගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි.

2017 වසරේ පාකිස්ථානයට එරෙහිවත් 2018 වසරේ බටහිර කොදෙව් දූපත් වලට එරෙහිවත් එම තරග පැවැත්විණි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවද දිවා රාත්‍රී ටෙස්ට් තරග 4 ක් සඳහා මේ දක්වා සහභාගී වී ඇති අතර එම තරග 4 ම ජයගෙන තිබේ.

ඔවුන් 2015 දී නවසීලන්තයට එරෙහිව, 2016 දී දකුණු අප්‍රිකාවට සහ පාකිස්ථානයට එරෙහිවද, 2017 දී එංගලන්තයට එරෙහිවද එම තරග පැවැත්විණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now