SKIP TO MAIN CONTENT

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවීමට බලා සිටිනවාලු : SB දිසානායක කියයි

S.B. Dissanayake_ SL minister
Source: SBS Sinhala

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම සදහා සාකච්ඡා කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. එම විපක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත්, ඉදිරියේදී බොහෝ දේවල් සිදුවිය හැකි බවත්, මහනුවර නාගරික රථ ගාලේදී පැවැති දිස්ත්‍රික් සමෘද්ධි පොල විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කීවේය.

ඒකාබද්ධ පොහොට්ටු විපක්ෂයේ පාක්ෂිකයන් විශාල පිරිසක් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් එක්වෙමින් සිටින බවත් ඒ නිසා සිය පක්ෂයට මෙවර මැතිවරණය වඩා වාසිදායක වන බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"...ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ වැඩි පිරිසක් අද අප සමග ඉන්නවා. තොන්ඩමන් නියෝජනය කරන පක්ෂයේ වැඩි පිරිසක්, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය, දිනේෂ් ගුණවර්ධනයන්ගේ මහජන පක්ෂයෙන් අඩක්, විමල් වීරවංශයන්ගේ ජාතික නිදහස් පෙරමුණම අප සමග පෙනී සිටිනවා. විමල්වීරවංශගේ කථාවෙන් පෙනෙන්නේ ඔහු දැඩි කළකිරීමෙන් සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  එක්කිරීමට දැඩි වෙහසක් දැරූ නමුත් එය අසාර්ථක වුණේ මහින්ද රාජපක්ෂ පමණක් නොව බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වැනි අයගේ මත නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජවීම තුළ සිය ආරක්ෂාව තහවුරුවන බව බැසිල් රාජපක්ෂ හිතනවා. සිය පුතුවන නාමල් රාජපක්ෂට වර්ෂ 2025දී දේශපාලන අනාගතයක් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පරාජවීම තුළ යැයි මහින්ද රාජපක්ෂ මහතා සිතනවා.

නාමල් රාජපක්ෂ වැනි තරුණ කණ්ඩායම්වලට මතුවන ගැටලුව වන්නේ ප්‍රධාන  පක්ෂ එක්වූවිට ඔවුන්ට ඉදිරිපෙළ නොලැබීමයි. ඒ නිසා අලියාගේ වල්ගය වෙනවාට වඩා මැස්සාගේ ඔලුව වෙන එක හොද යැයි ඔවුන් සිතනවා..."  යැයි අමාත්‍ය එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

** නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now